පාතාල නායකයෙකු සමග පෙමින් වෙලී සිට කරදර වල පැටළුණ ශ්‍රී ලාංකික සම්භවය ඇති හින්දි නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇයව සැකයට භාජනය කළ කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ
විත්තිකාරියක් කිරීමට එරට මූල්‍ය විමර්ශන ඒකකය ( ED) සූදානම් වන බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි සදහන් කරයි. විමර්ශන ආයතනය බදාදා අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී නිළියගේ කෝටි හතකට අධික වත්කම් ගැන වාර්තා කර තිබුණි.මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන සුකේෂ් චන්ද්‍රසේකර් මැරයෙකු බවත් ඔහු කප්පම්කරුවෙකු බවත් ජැකලින් මුල සිටම දැන සිටි බව ED විශ්වාස කරයි. දෙදෙනාම මේවාට සම්බන්ධ වි ඇති බව අලුත්ම සාක්ෂි මගින් පෙන්වාදී ඇත. ඔවුන්ගේ බොහෝ පෞද්ගලික ඡායාරූප ද සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ අතර ඉන් පසුව ED ජැකලින්ගෙන් ප්‍රශ්න කර දෙදෙනාගේම ඡායාරූප සාක්ෂි ලෙස තබා ගත්තේය. සුකේෂ් හිටපු Ranbaxy ප්‍රවර්ධකයින්ගේ බිරින්දෑවරුන්ගෙන් රුපියල් කෝටි 200 ක මුදලක් ලබාගෙන ඇත.
මේ නඩුවේ ජැකලින් අත්අඩංගුවට ගැනීම තවම කළ නොහැක්කේ ED එක තවමත් අධිකරණයට චෝදනා පත්‍රය ඉදිරිපත් කර අවසන්ව නොමැති නිසාය. උසාවි විභාගයකින් පසු අත්අඩංගුවට ගැනීමක් කළ හැකිය.
කෙසේ වෙතත්, මෙම නඩු නිමිත්ත නිසා ජැක්ලින්ට තවමත් රටින් පිටවීමට අවසර නැත.
සුකේෂ් විටෙක අග්‍රාමාත්‍ය කාර්යාලයට සම්බන්ධ නිලධාරියෙකු ලෙසත් විටෙක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරියෙකු ලෙසත් පෙනී සිට ඇති බව විමර්ශනවලදී හෙලිව ඇත. තිහාර් බන්ධනාගාරයේ නිලධාරීන් රැසක් ද මෙම වංචාවට සම්බන්ධ වී ඇත. සුකේෂ් ඒ හැමෝටම ලොකු මුදලක් ලබාදී ඇත. අගෝස්තු 24 වැනිදා චෙන්නායි හි පිහිටි සුකේෂ්ගේ මුහුදු තීරයේ පිහිටි බංගලාව ED විසින් සිය භාරයට ගෙන තිබුණි. බංගලාවේ තිබී රුපියල් ලක්ෂ 82.5ක්, රත්‍රං කිලෝග්‍රෑම් 2ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 12කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
නඩුව විභාගවන මුල් අවස්ථාවේ ජැක්ලින් කියාසිටියේ සුකේෂ්ව තමා හදුනන්නේ නැති බවයි.
පසුව පැමිණිල්ල මගින් ඡායාරූප සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඔහුව දන්නා බව පිලිගත් නමුත් ජැක්ලින් කියා සිටියේ ඔහු වංචාකාරයෙකු බව දැන සිටියේ නැති බවයි. මේ වනවිට සාක්ෂි ගොනුවී ඇත්තේ ජැක්ලින් සමග හවුල්වී සුකේෂ් විවිධ ජාවාරම් කර ඇති බවයි. මේ නිසා නොබෝ දිනකින් ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් මුදල් විශුද්ධිකරන හා වංචා චෝදනා මත අත්අඩංගුවට පත්වනු ඇතැයි ඉන්දීය වාර්තා පළවේ.
0 Comments