kandana-wattala-kidnap

කඳාන හපුගොඩ වාසය කරන බස්රථ හා ඉන්ධන හල් හිමිකරු කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 22 වියැති වැඩිමල් පුතු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් උත්සාහය ව්‍යර්ථවී යාමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.
හැඳල වත්තල මාර්ගයේ දී මෙම පුත්‍රයා රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක (CBO 1977) ගමන් කර කෙරවලපිටිය ප්‍රදේශයේ කොමර්ෂල් බැංකුව අසළදී ඔහුට පහරදී වාහනය සමග ඔහුව පැහැරගෙන ගොස් තිබූ අතර පසුව ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබාදුන්  පැහැරගත් කණ්ඩායම පවසා ඇත්තේ ලක්ෂ 56 ක් ලබාදෙනවා නම් පුත්‍රයා නිදහස් කරන බවයි.


මෙම අවස්ථාවෙහි බියට පත් ව්‍යාපාරිකයා පොලිසියට මේ ගැන පවසා කප්පම් කරුවන් ලබාදුන් ගිණුම් අංකයට ලක්ෂ 56 ක් ඊයේ දිනයේම බැර කර තිබේ. ඒ අනුව ත්‍රීරෝද රථයකින් පුත්‍රයාව නැවත කියූ ස්ථානයකට ඇරලවීමටද ඒ අය කටයුතු කර ඇති අතර ඊට පෙර පුත්‍රයා සමග පැහැරගත් රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය වත්තල වෙළෙඳ සංකීර්ණයක් වෙත ගෙනවිත් නවතා දමා පැනයාමටද මෙම කප්පම් කරුවන් කටයුතු කර තිබුණි.
මෙම සිදුවීම ගැන පොලිසිය පරීක්ෂණ අරඹා තිබූ අතර  ජා -ඇල සාප්පු සංකීර්ණයක් අසල වාහනය නවතා ගිය බව සැලවීමෙන් පසු ස්ථානයේ සීසීටීවී පරීක්ෂාව හා ඇඟලි සලකුණු පරීක්ෂාව සිදු කර රථය නවතා යන දෙන්නාව සෙවීමට උත්සාහ දරමින් තිබුණි.
 තරුණයා ත්‍රිරෝද රථයකින් ගෙනැවිත් බැස්සවීමේදී පොලිසිය දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර බැංකුවට මුදල් තැන්පත් කරන්නට ලබාදුන් ගිණුම් අංකයට අදාළව පුද්ගලයෙකුද අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත්විය.

පැහැරගෙන ගිය නඳුන් කෞෂල්‍ය නම් 22 හැවිරිදි තරුණයා නිරුපද්‍රිතව බේරාගන්නට ඒ අනුව සමත් විය.



පියා සිද්ධිය අවස්ථාවේ බුද්ධිමත්ව ක්‍රියා කර ඇති අතර පොලීසිය දැනුවත්කර පොලිසියේ උපදෙස් පරිදි කප්පම්කරුවන් කියූ පරිදි මුදල් ඔවුන්ගේ බැංකු ගිණුමකට බැරකර තිබෙයි.

පොලීසිය සඳහන් කළේ මුදල් බැරවූ සැකකරුවාගේ බැංකු ගිණුම අත්හිටුවා සිදුකළ මෙහෙයුමේ දී තවත් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහුව සොයා පරීක්ෂණ සිදුවන බව පොලිසිය පවසයි.