kirindiwela-incident

කිරිඳිවැල පොලීසියේ අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බව කියන සැකකරුවෙකු හදිසියේ වතුරුගම, කන්නිමහර ප්‍රදේශයේ ඇළකට වැටී දියේ ගිලී මිය යාම සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියමයෙන්

සහකාර පොලිස් අධිකාරයකු යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සඳහා යොදා තිබේ. මියගිය සැකකරු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග ප්‍රදේශයේ තවත් මන්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවෙකු සොයා ගමන් කරමින් සිටියදී ඔහු නිලධාරියෙකුගේ ගෙලට මාංචු කුට්ටම හිරකර ඇති බවත්, එහිදී සිදු වූ පොර බැදීමකදී තිදෙනාම ඇළට වැටී ඇති බවත් සඳහන් වෙයි. පසුව ඔවුන් රදාවාන රෝහල වෙත රැගෙන ආ පසු සැකකරු මියගොස් සිට ඇති බවට අනාවරණය වී ඇතැයි කියවේ. මෙලෙස මියගොස් ඇත්තේ මිල්ලතේ චතුර සංදීප නමැති විසි දෙහැවිරිදි තරුණයෙකි. සැකකරුගේ මරණය සම්බන්ධයෙන් වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය  සිදු කොට ඇති අතර,

එහිදී ඔහු දියේ ගිලී හුස්ම හිරවීන්මෙන් මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ. අදාළ පරීක්ෂණ සඳහා ගිය නිලධාරින් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ වැඩ තහනමකට ලක්කොට ඇති.  බවද පොලීසිය පවසයි.