landaketiya-incident

රුපියල් 1000ක මුදලක් දහම් පාසලට ගෙනා 13 හැවිරිදි සිසුවකුට උණ කෝටුවකින් පහරදුන් බව කියන කන්දකැටිය පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් සැකපිට පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. පහර කෑමට ලක්වූ සිසුවා වෛද්‍ය පරීක්ෂණයකට රෝහල්ගත කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් දිසානායක මහතාගේ උපදෙස් මත පරික්ෂණ පවත්වා සැකකාර හිමිනම අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් 1000ක මුදලක් දහම් පාසලට ගෙනැවිත් තිබෙනු දුටු සැකකාර හිමිනම එය කාගෙන් හෝ සොරාගෙන ආවාදැයි විමසමින් උණ කෝටුවකින් පහරදී ඇතැයි පොලිසිය කියයි.

දහම් පාසල අවසන්වීමෙන් පසු කොණ්ඩය කපාගෙන ඒමට සහ ටේලර් සාප්පුවකට දී තිබූ කලිසමක් ගෙන ඒමට තම මව මෙම මුදල ලබාදුන් බව සිසුවා පවසා ඇතත් සිසුවා පවසන්නේ බොරු බව කියමින් ඔහුට දිගට හරහට පහරදී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.මේ බව පැමිණිලි කිරීමට සිසුවා කැඳවාගෙන ආ මවද සිසුවා කී දේ තහවුරු කළ බව පොලිසිය පවසයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය