මනම්පිටිය නිශ්ශංකමල්ලපුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (03දා) පෙරවරුවේ පදික මාරුවෙන් ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරට ලක් කරගෙන ගිය යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලීසිය කියයි.
දිලුකාන යුද හමුදා කදවුරට අනුයුක්තව සේවයේ නිරත හමුදා සෙබළකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ වැලිකන්ද බොරවැව ගම්මානයේ පදිංචි 53 වියැති දෙදරු මව, මනම්පිටිය රෝහලන් පොළොන්නරු රෝහලටත්, ඉන් අනතුරුව අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇති බව පරික්ෂණ සිදුකරන මනම්පිටිය පොලීසිය කියයි. ඇය දේවාලයකට පැමිණි ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පරික්ෂණ පවත්වන පොලීසිය කියයි. අනතුරට සම්බන්ධ යුද හමුදාරියදුරා පොලොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අසේල සරත් කුමාර මහතා සඳහන් කළේය. අනතුරට හේතුව රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හා අධික වේගය බවද පරික්ෂණ සිදුකරන පොලිසිය පවසයි.මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අසේල සරත් කුමාර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
(මනම්පිටිය - නිමල් ජයරත්න-Ada)
0 Comments