mathugama-bopitiya-cctv

මතුගම බෝපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධියක් 23 වනදා වාර්තා විය.  වෙළෙඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතියකද මෙම ඝාතනය සටහන් වී තිබේ.


හෙල්මට් සහ කබා පැළද මතුගම බෝපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැලට පැමිණි සාහසිකයින් දෙදෙනෙකු කඩුවලට සමාන තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදු කරන අතර සිද්ධියෙන් මියගොස් තිබුණේ වෙළෙඳසැලට පැමිණ සිටි බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම මියගිය පුද්ගලයා කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ වෙළෙඳසැලට යමක් මිලට ගැනීමට ආ අහිංසක පුද්ගලයෙකු බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.


 සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.ඔහු පාතාල කල්ලියක කටයුත්තකට දායකවී ඇතැයිද යන්න ගැන පරීක්ෂණ සිදුවේ.
විදේශගතවී සැඟවී සිටින මතුගම ශාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ කල්ලිය වෙළෙඳසැලට කඩාවැදී මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව මේ වනවිට පරීක්ෂණ අනුව හදුනාගෙන තිබේ.
බොහෝ විට පාතාල දෙපිරිසක් අතර පවතින විරසකය මෙම ගැටුමට හේතුව විය හැකි බව පොලිසිය පවසන අතර සිද්ධියෙන් මියගියේ අහක සිටි අයෙකි.