oil-issue

පසුගිය 23 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් මෙට්‍රික්ටොන් 90,000ක් සහිත නැව ගොඩ බෑමට කටයුතු නොකිරීම හේතුවෙන් එදින සිට සෑම දිනකම ඩොලර් එක්ලක්ෂ විසිදහසක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බව තෙල්, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.මේ ආකාරයට රැගෙනවිත් තිබෙන බොරතෙල් පිරිපහදු කිමෙන් පෙට්‍රල්. ඩීසල්, ගුවන් යානා ඉන්ධන හා ගෑස් නිසි ලෙස නොලැබෙන බවට තහවුරු වී තිබෙන බවත්, දැවිතෙල් නිෂ්පාදනය පමණක් ඉහළ ගොස් තිබෙන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.  දැනට පිරිපහදු කිරීම්වලට ලක් කරනු ලබන්නේ, උරල් නමැති මෙම බොරතෙල් වර්ගය බවත්,

මෙහිදී මෙට්‍රික්ටොන් 5,000ක් පිරිපහදු කිරීමේදී 52%ක් ලැබෙන්නේ දැවිතෙල් බවත් හෙතෙම පවසා සිටියේය. මෙරට පිරිපහදුවට ගැළපෙන්නේ මර්බන් නමැති බොරතෙල් වර්ගය බවත්, එම බොරතෙල් පිරිපහදු කිමෙන් දැවිතෙල් ලැබෙන්නේ, 30%ක ප්‍රමාණයක් වන අතර, එම වර්ගය තුළින් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ගෑස් නැ , දැවිතෙල්, ගුවන් යානා ඉන්ධන ලබාගත හැකි බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය. එසේම ඌරල් නමැති බොරතෙල් පිරිපහදුවෙන් ගෑස් නිෂ්පාදනයක් සිදුනොවන තරම් බවත්, නැප්තා නිෂ්පාදනයත්, ඩීසල්, පෙටල්, ගුවන් යනා ඉන්ධන හා භූමිතෙල් නිෂ්පාදනයත් සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙන බවත් පවසා සිටි ඒ මහතා, වැඩිම නිෂ්පාදනයක් ලෙස ලැබෙන්නේ දැවිතෙල් නිසා රටට විශාල පාඩුවක් සිදුවන බවද සදහන් කළේය.

මර්බන් බොරතෙල් අඩු මුදලකට මිලදී ගැනීමට තිබියදී උරල් නමැති බොරතෙල් වැඩි මිලට මිලදී ගනිමින් රටට විශාල පාඩුවක් සිදුකරන බවත් මේ නිසා බලධාරීන් මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවත් ආනන්ද පාලිත මහතා පවසා සිටියේය.


(ඉන්දික හේවාවිතාරණ )