කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් වන ඔමික්‍රොන් BA.5 වයස ප්‍රභේදය මුල් වරට දකුණු අප්‍රිකාවෙන් වාර්තා විය. පසුව ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වූ ඔක්තෝන් BA.5 ප්රභේදයන් අනෙකුත් මහද්වීප කරාද වේගයෙන් පැතිර ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව, එංගලන්තය, පෘතුගාලය, ඩෙන්මාර්කය, ජර්මනිය වැනි රටවලින් ඔමික්‍රොන් BA.5 රෝගී බොහොමයක් වාර්තා වුහ. මේ වනවිට BA.5 වයිරස් ප්‍රභේදය රටවල් 104කින් පමණ වාර්ත වේ. එසේම පසුගිය කාලයේදී වැඩි වශයෙන් රෝගීහු වාර්තා වු රටවල් දෙක කොරෝනා ආසාදිත සංඛ්‍යාව 50,000 ඉක්මවා වාර්තා වෙමින් පවතී.
අපේ රටේ BA - 5 ව්‍යාප්තිය
ලංකාව තුළ පැතිරීම ගතහොත් BA.5 අනු ප්රභේද්රය. සහිත රෝගීන් මේ වනවිට 20 දෙනකු පමණ වාර්තාවී ඇත. මෙම සියලු රෝගීන් වාර්තාවී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි. අප විද්‍යාගාරයට ලැබුණ සාම්පල ඉහත ප්‍රදේශවලින් ලැබීමත් විශේෂත්වයකි. මෙකී ප්‍රභේදයේ ආසාදිතයන් ඉහත දිස්ත්‍රික්කවලට පමණක් සීමා නොවන අතර අනෙකුත් දිස්ත්‍රික්කවලද සිටිය හැකිය. ඒ අනුව මෙතෙක් තහවුරු කොට ඇත්තේ ගහ සහ කොළඹ ප්‍රදේශවල රෝගීන් 20 දෙනකුගේ සාම්පල පමණි. ලංකාවේ මුල්ම BA.5 ආසාදිතය වාර්තා වුයේ කවදාද. යන්න කිව නොහැකි අතර BA.5 සාම්පලයක් ප්‍රථම වරට තහවුරු කරන ලද්දේ ජුලි මාසයේ පළමු වැනි සතියේ ලබුණු සාපල ආශ්‍රිතව බව කිව හැකිය.
BA - 5 භයානකද?
අනෙකුත් ඔමික්‍රොන් ප්‍රභේද මගින් ඇති කළ රෝග ලක්ෂණ බොහෝ සෙයින්ම BA5 රෝග ලක්ෂණ සමාන වේ. ඒ අනුව උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපතේ වේදනාව, අධික වෙහෙස ගතියක් දැනීම සහ ගඳ සුවඳ නොදැනීම වැනි ලක්ෂණ ප්‍රධාන වේ. දැනට වාර්තා පෙන්වන පරිදි BA.5 යනු වැඩිම වේගයකින් පැතිරෙන ප්‍රභේදයයි. එසේම මෙම වයිරසයට විශේෂිත වු හැකියාවක්ද ඇත. ඉක්මනින් ආසාදනය වීමත්, ප්‍රතිශක්තිය මඟ හැර යාමේ හැකියාවක්ද ඇත. අපට ප්‍රතිශක්තිය ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකකි. ඉන් එකක් නම් ස්වාභාවිකව වැළදෙන යම් රෝගයක් මඟින් වීමයි. අනෙක් කරුණ එන්නත්කරණය මඟින් ප්‍රතිශක්තිය ලබාගැනීමයි.
ප්‍රතිශක්තිය මග හැර යාම
කොවිඩ් රෝගයට එරෙහිව ඉහත ක්‍රම දෙක මම මේ වනවිට්ට බහුතරයකටම ප්‍රතිශක්තිය ලැබී තිබේ. මෙවන් වාතාවරණයක් මධ්‍යයේ BA.5 අනුප්‍රභේදය පැතිර යාම විශේෂිත කාරණයකි. කොවිඩ් රෝගය මීට ප්‍රථම වැළඳී තිබුණත් ඔබ එන්නත්කරණය කර සිටියද නැවත වතාවක් රෝගය වැළදීමේ හැකියාවක් පවතී. මෙම තත්වය ප්‍රතිශක්තිය මඟහැර යාම ලෙසින් හැදින්වේ.
බූස්ටර් එන්නත අරගෙන නම් බය වෙන්න එපා
වඩා වැදගත් කරුණ වන්නේ ඔබට කොවිඩ් වැළඳුණද බුටර් මාත්‍රාව ලබා ගෙන ඇත්නම් දරුණු රෝග සංකුලතා ඇතිවීමේ හැකියාව අවම කෙරේ. එබැවින් මින් පෙරද සඳහන් කළ පරිදි බුස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්නම් ඔක්රෝඩ්වලට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත. මේ වසරේ පෙබරවාරි, මාර්තු මාසවල ඔමික්‍රෝන් ප්‍රභේදය ලොවට පැමිණීමත් සමග විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබුවේ ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව මෙහි රෝග ලක්ෂණ අඩු බවකි.
විශේෂයෙන්ම එවැනි අඩු රෝග ලක්ෂණ සහිත කොවිඩ් 19 රෝගය එන්නත්කරණය සම්පුර්ණ කළ පුද්ගලයකුට වැළඳුණද සිරුරට බරපතළ ආකාරයට නොදැනේ. එහෙත් කොවිඩ් වැළදීමට පුළුවන්. BA.5 ප්‍රභේදයට මේ ලක්ෂණය පොදුවේ. මෙහි ඇති විශේෂත්වය නම් ආරම්භයේදී දුටු ඔමික්‍රොන් ප්‍රභේදයට වඩා BA.5 ප්‍රභේදයේ ඇති යම් යම් විකෘතිතා ඩෙල්ටා ප්‍රභේදයේ දුටු විකෘතිතා හා සමාන බවයි. මේ වනවිට ලොව සෙසු රටවලින් වාර්තාවී ඇති පරිදි BA.5 අනු ප්‍රභේදය ආශ්‍රිතව ඇති වන කොවිඩ් 19 රෝගයේ තීව්‍රතාව ඔමික්‍රෝන් අතුරු ප්‍රභේදයට වඩා තරමක් ඉහළයි.
එන්නත් මඟ නොහැර ලබා ගන්න
වසංගතයෙන් සුරැකීමට කළ හැකි ප්‍රධාන දේ එන්නත්කරණයයි. මූලික මාත්‍රා දෙකවත් මේ වනවිට ලබා නොගත් පුද්ගලයන් හැකි ඉන්මනින් ඒ සඳහා යොමුවීමද අවශ කෙරේ, මාත්‍රා දෙක ලබාගෙන මාස තුනකට පසු බුළු මාත්‍රාව ලබාගත යුතුවේ. මෙයද ලබාගෙන මාස තුනක් ඉක්ම ගිය පසු නැවත වතාවක් බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුවේ.
එන්නත්කරණය පමණක් ප්‍රමාණවත්ද?
පසුගිය සමයේ මෙන් සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීමත් අත්‍යවශ්‍යයි, සුදුසු මුව ආවරණයක් නිවැරැදිව පැළඳීම කළ යුතුය. ලංකාව වැනි උෂ්ණාධික රටක දහදිය දමන මොහොතක කවුරුත් නැති එළිමහනකදී නම් මුව ආවරණයක් දැමීමෙන් විශාල ප්‍රයෝජනයක් අත් නොවුවද පිරිස් ගැවසෙන සංවෘත ප්‍රදේශයකදී මුව ආවරණය පැළදීමෙන් අමතර ආරක්ෂාවක් ඔබට සැලසේ. කොවිඩ් 19 සඳහා ම පමණක් නොව බෝවන රෝගයකදී වුවද විශේෂයෙන් ස්වසන මාර්ගය හරහා සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා වීම සඳහාත් මුව ආවරණය පැළඳ කිරීම අවශ්‍යයි.
පිරිස් ගැවසෙන තැන්වලින් කොැවිඩ් පැතිරිමේ වැඩි ඉඩක්
වර්තමානයේදී රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේදී පවා ජනතාව තම දෛනික අවශ්‍යතා දුෂ්කරතා මධ්‍යයේ හෝ සපුරා ගැනීමට වෙහෙසේ. ඉන්ධන පෝළිම්, ගැස් පෝළිම් දිනපතාම ඇසට හුරු දසුනකි. ජනතාව සුලබව ගැවසෙන මෙවන් තැනක වුවද කොවීඩී ආසාදිතයන් සිටිය හැකි නිසා නිසි පරිදි මුව ආවරණය පැළදීම සිදු කරන්න. එවිට ඔබ ආරක්ෂා වී ඔබගේම ආදරණීයන් ඇතුළු බොහෝ පිරිසකගේ ජීවිත සුරක්ෂිත කරනු ඇත. සෞඛ්‍ය පුදුරුදුවලට අනුගත වීම සේම තවත් කාලයක්ම ඒ පුරුදු පිළිපැදීම ද සිදු විය යුතුය. පුරුදු අතර අනෙක් කාරණය සබන් යොදා දෙඅත් පිදු කර ගැනීමයි. ඒ නියමිත කාලය තුළ සබන් යොදා දෙඅත් සෝදා ගැනීම මඟින් යම් යම් විෂබීජ ශරීර ගතවීම වැළකේ. අනවශ්‍ය ගමන් බිමන් අඩුකොට සෙනඟ වැඩිදුර ගැවසෙන තැන්, පොදු වේලාවන් මඟ හරිමින් කටයුතු කිරීම මෙවන් වාතාවරණයකදී ගතයුතු සදුසුම පියවර වේ. තවත් කොඩි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති මොහොතක වැඩිපුර පරෙස්සම් වීම ඔබගේ වගකීමක් සහ යුතුකමකි.
සිව්වැනි මාත්‍රාවෙන් වැඩි වාසියක් ?
එන්තත්කරණයේ සිව්වැනි මාත්‍රාව ලබාගැනීම මඟින් වාසි සහගත තත්ත්වයක් ඇති වන බව මේ වනවිට වීදනඥයන් විසින් සොයා ගෙන ඇත. නව පර්යේෂණ වාර්තා මඟින් පෙන්වාදී ඇති පරිදි සිව්වැනි මාත්‍රාව මඟින් තුන්වැනි මාත්‍රාවට වඩා වැඩි රැකවරණයක් ලැබේ. ඔබ මේ වනවිට තුවැනි මාත්‍රාව ලබාගෙන මාස 03 ඉක්මවා ගොස් ඇත්නම් සිව්වැනි මාත්‍රාව ලබාගැනීම වැදගත් වේ. සැමවිටම අවශ්‍ය වන්නේ ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථාවත් කර තිබීමයි.
BA - 5 අනු ප්‍රභේදයත් රැල්ලක් වුණොත්
ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් බොහෝ සෙයින් වැඩිවීම තුළ ඉතා විශාල රෝගී ධාරිතාවක් වුවද නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ හැකියාව අපේ සෞඛ්‍ය අංශ සතුයි. පසුගිය වසර කිහිපය මුළුල්ලේම වන් වර පැන නැගුණු කොවිඩ් රැලි ඉතාම සාර්ථකව සෞඛ්‍ය අංශ පාලනය කළ අයුරු අපි දුටිමු. ඒ ලද අත්දැකීම් ආශ්රයෙන් යම්කිසි අවස්ථාවක අවශයතාවක් මතු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගකීම, සුදානම ගනු ඇත.
වෛද්‍ය චන්දිම ජීවන්දර
සටහන - මාධවී ධර්මරත්න
0 Comments