pakistan-flood

පාකිස්තානයේ මාරාන්තික ගංවතුර හේතුවෙන් අවම වශයෙන් 1000 ක් මියගොස් මිලියන 33 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බව එරට කාලගුණ විපර්යාස අමාත්‍ය ප්‍රකාශ කළේය.
ජූනි මස මැද භාගයේ සිට කඩින් දඩ ඇතිවූ මෙම අයහපත් කාලගුණ ලක්ෂණ පකිස්තානය පුරා දැඩි වර්ෂාව සහ ගංවතුර ඇතිකර තිබෙන අතර මේ හේතුවෙන් පුද්ගලයින් 937 දෙනෙකු මියගොස් ඇති බව 25 බ්‍රහස්පතින්දා වනවිට ගණං බලා තිබුනි. එම සංඛ්‍යාව අද 27 සෙනසුරාදා වනවිට දහස ඉක්මවා ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) පවසයි.


දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය ෂෙරී රෙහ්මාන් ගංවතුර "පෙර නොවූ විරූ" සහ "මෙම දශකයේ දරුණුතම මානුෂීය ව්‍යසනය" ලෙස හැඳින්වීය.

"පාකිස්තානය එහි අටවන මෝසම් චක්‍රය පසුකරමින් සිටින අතර සාමාන්‍යයෙන් රට තුළ වර්ෂාපතන චක්‍ර තුනක් හෝ හතරක් පමණක් ඇත," රෙහ්මාන් පැවසීය.

NDMA, පකිස්තාන හමුදාව සහ පළාත් ආපදා කළමනාකරණ අධිකාරිය විපතට පත් වූවන්ට උපකාර කිරීමට ක්‍රියා කරයි - නමුත් නිවාස නොමැති සහ අවතැන් වූ පවුල් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් නවාතැන් සහ සහන සඳහා "දරුණු" අවශ්‍යතාවයක් පවතින බව වාර්තාවේ.
ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දකුණු පළාතේ සින්ද් වෙත කූඩාරම් මිලියනයක් ඉල්ලා ඇති අතර අසල්වැසි බලුකිස්තාන් පළාත - විදුලිය, ගෑස් සහ අන්තර්ජාල බිදවැටයී ඇති අතර - කූඩාරම් 100,000 ක් ඉල්ලා ඇති බව වාර්තා විය.

මිලියන 30 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවත්, එය දකුණු ආසියානු රටේ ජනගහනයෙන් 15% ක් පමණ නියෝජනය කරන බවත්, සැලසුම් සහ සංවර්ධන අමාත්‍ය අහ්සාන් ඉක්බාල් රොයිටර් පුවත් සේවයට දන්වා ඇත.
පසුගිය පැය 24 තුළ රට පුරා මාර්ග කිලෝමීටර් 150 ක් (සැතපුම් 93 ක් පමණ) හානි වී ඇති අතර නිවාස 82,000 කට වැඩි ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානි වී ඇති බව NDMA වාර්තාවක දැක්වේ.
මෝසම් වර්ෂාව ආරම්භ වූ ජූනි මස මැද සිට, NDMA හි අවසාන තත්ව වාර්තාවට අනුව, කිලෝමීටර් 3,000 (සැතපුම් 1,864) කට වඩා වැඩි මාර්ග, පාලම් 130 ක් සහ නිවාස 495,000 කට හානි සිදුවී ඇත.
සිකුරාදා, පාකිස්තානයේ අගමැති ෂරීෆ් අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කළ අතර, ආධාර ආයාචනය කළේය.