
ඊයේ (3) පාර්ලිමේන්තු නව සැසිවාරය ඇරඹීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන්ගත කෙරුණු ඩ්‍රෝන යානයක් ඊයේ පෙරවරුවේ දියවන්නා ඔයට හදිසියේම කඩාවැටී අනතුරට ලක්වි තිබේ.
මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම ඩ්‍රෝන යානය කඩා වැටී ඇති බවයි.
එම යානය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් යොදවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන යානා කිහිපයක් දැනට යොදවනු ලැබ ඇත. මේ අතර පාර්ලිමේන්තුවට පිටස්තර සතුරු ඩ්‍රෝන යානා පැමිණීම වැළැක්වීම සඳහා ප්‍රති ඩ්‍රෝන පද්ධතියක් පසුගිය කාලයේදී එහි ස්ථාපනය කෙරිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval