
කිලිනොච්චිය පංනංකණ්ඩි ඇළෙන් නීති විරෝධී ලෙස ගොඩ දමන ලද වැලි තොගයක් ට්‍රැක්ටර් දෙකකට පටවමින් සිටි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් පෙරේදා (27) සවස එහි ගොස් සිටි අවස්ථාවේ එතැනට කඩාවැදුණු තිදෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් පොලිස් භාරයට ගෙන තිබූ ට්‍රැක්ටර් දෙක ද
මුදාගෙන වැලි පටවමින් සිටි ජාවාරම් කරුවන්ද රැගෙන පලාගොස් ඇතැයි ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීයෙක් කීවේය. වැටලීමට ගිය පොලිස් නිලධාරින් ටැක්ටර් දෙක මගින් යට කිරීමට එම පිරිස උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරියකු රාජකාරි ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇතැයි ද නිලධාරියා සඳහන් කළේය.
මෙම පිරිස අහසට වෙඩි තැබීමත් සමග පොලිසියෙන් මුදාගත් ට්‍රැක්ටර් දෙකේ නැග පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම වැටලීම කරනු ලැබුවේ කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval