
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් දක්වා අඩු කරන බවත් දැනට අවුරුදු 60 ඉක්මවා ඇති සියලු රාජ්‍ය සේවකයන් දෙසැම්බර් 31 දා වන විට විශ්‍රාම ගත යුතු බවත් ජනපති හා මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කථාවෙන් අද පැවැසීය. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයා විශ්‍රාම යැවීමේ වයස දීර්ඝ කර තිබූ අතර එම තීරණය මේ අනුව වෙනස් වේ. අයිඑම්එෆ් යෝජනා අනුව මෙම තීරණය ජනපති රනිල් ලබාගෙන ඇතැයි වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval