ranjan-free-today-26

අධිකරණයට අපහාසකිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාරයේ පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ජනපති සමාව යටතේ අද (26) නිදහස ලැබෙනු ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි වාර්තාකර තිබේ.


තමන් අධිකරණයට කළ අපහාසයට වරද පිළිගෙන කණගාටුව ප්‍රකාශ කිරීමට රන්ජන් දිවුරුම් පෙත්සමක් යොමු කර ඇති අතර ඊට අනුකූලව ඔහුට සමාව ප්‍රදාන කරන ලිපියට ජනපති රනිල් අද දින අත්සන් තබනු ඇති බවත් වාර්තාවේ.
2021 ජනවාරි මස සිට 2025 ජනවාරි දක්වා වසර 4 කින් නිමවන්නට නියමිතව තිබූ සිරදඩුවමක් ඒ අනුව වසර එකහමාරකින් පමණ අවසන් කරනු ඇත.