ratta-arrested

රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අද ( 01 )  පස්වරුවේ ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට කැදවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.


පොල්දූව මංසන්ධියේ ඇතිවූ කලහකාරී සිද්ධියට අදාළව ස්වේච්ඡාවෙන් කටඋත්තරයක් ලබාදීමට රතිඳු සේනාරත්න පැමිණී අවස්ථාවේ එහි පැමිණි කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පිහිටි විශේෂ ඒකකයක නිලධාරියෙකු පැමිණ ඔශූළු අත්අඩංගුවට ගෙන තිබේ.


කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බව නීතිඥවරයා පැවසුවේය.
පොලිසිය පැවැසුවේ, පසුගිය මැයි 21 වැනිදා බැංකු මාවතේ පැවති විරෝධයක් අතරතුර පොදු දේපොළ  හානි කිරීමේ චෝදනා මත කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය රතිදු සේනාරත්න අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර අද සවස රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් නියෝගයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නිකුත් කරනු ලැබීය.

ඒ කොළඹ කොටුවේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම්කර ඇති ඔවුන් විදේශගත වීමේ අවදානමක් ඇතැයි පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසුවයි.