පසුගිය එජාප රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුව සිටි රවී කරුණානායක මහතා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ ව්‍යාපාරික චාරිකාවක් සම්බන්ධයෙන් වාර්තා පළව තිබේ.
ඔහු හෙලිකොප්ටරයකින් ව්‍යාපාරිකයෙකු සමග මන්නාරමට පැමිණ සිදු කළ කිසියම් කටයුත්තක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් විමසීමක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර ද්‍රව්‍ය සකසන දැවැන්ත සමාගමක ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග රවී පැමිණ ඇති බව පවසන මන්ත්‍රීවරයා අවම වශයෙන් මේ සංචාරය පිළිබඳව ධීවර අමාත්‍යවරයා හෝ කරුණු පැහැදිලි කර නැතැයි දන්වා ඇත.
රජය උතුරේ දෙමළ දේශපාලනඥයින්ට දැනුවත් නොකර විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සැකසහිත බවත් ගැටලුකාරී බවත් පවසන අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා උතුරේ සම්පත් වෙනත් රටවල වෙනත් පිරිසකට ලබා දීමට සැලසුමු ඇතැයි සැකකරන බව පවසා තිබේ.
හිටපු අමාත්‍යවරයා මන්නාරමට ආ අවස්ථාවේ එම සංචාරය පිළිබදව මන්නාරමේ මාධ්‍යවේදීන් විස්තර විමසූ අවස්ථාවේදී ඔහු
කිසිදු පිලිතුරක් ලබා නොදී පිටත්ව ගොස් ඇතැයිද වාර්තා වේ.
0 Comments