rohitha-gongalakanda

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ඇඹිලිපිටිය, කොලොන්න, ගොන්ගලකන්ද ප්‍රදේශයේ ඉදිකර තිබූ හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සින්දනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම සැකකරුවන් කොලොන්න පොලිසිය විසින් ඉකුත් 22 සහ 23 යන දිනවලදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මූලස්ථානය කියයි.

අරගලකරුවන්ට ඉකුත් මැයි මස 09 වැනිදා එල්ල වූ ප්‍රහාරයට විරුද්ධව රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ අතර, එම සිදුවීම්වලට සමගාමීව කොලොන්න ප්‍රදේශයේ මෙම හෝටලයට ද පිරිසක් පහර දී අලාභ හානි කර තිබුණි, එහි දේපළද සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණි. එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොලොන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් - 50ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවද පොලිසිය කියයි. කොලොන්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.