sampandan-all-party-government

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය පරිදි ජාතික ගැටලූව විසඳා ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් වැදගත් විය හැකි යයිද එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පුර්ණ සහයෝගය දෙන බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසා තිබේ.
රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලූ මන්ත්‍රීරවරුන් වෙත යවා තිබු ලිපිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස දක්වා තිබුණි.



‘මං ලිපිය මම බැලූවා. නමුත් තවමත් එයට මම පිළිතුරක් යැව්වේ නැහැ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත සමුළුවට අප සහභාගිවීමටත් එයට පුර්ණ සහයෝගය ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

රටේ ප‍්‍රශ්න මෙන්ම ජනතා ප‍්‍රශ්න විසඳා ගැනීමත් මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ඉතා වැදගත්. රටේ පවතින ආර්ථික ගැටලූ, දේශපාලන ගැටලූ මෙන්ම සාමාජීය ගැටලූ විසඳා ගැනීමට මේ අවස්ථාවේ අපට ලබාදිය හැකි පුර්ණ සහයෝගය ලබාදෙනවා.‘

ඔහු පැවසීය.
මින් ඉහත ද්‍රවිඩ ජාතික සන්ධානය ඩලස් ජනපති කරවීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර පක්ෂය තුළ රනිල් විරෝධයක්ද පැවතිණි.