taisei-bia-project-hold

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) තීරණය කොට ඇත.



වත්මන් රජයට ණය ගෙවීමට හැකියාවක් නොමැති බවට වූ පදනම මත තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව JICA විසින් BIA සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) 2 වන අදියරේ පර්යන්තය-2 ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 570 ක අරමුදල් අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම ව්‍යාපෘතිය පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අල්ලස් ගැනීමකට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මුල්කරගෙනය.

මීට අමතරව රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාවයන්ට සහ අධික පිරිවැයකට ව්‍යාපෘතිය බාරව සිටි Taisei සමාගම මුහුණ දී ඇති බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.



ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය, ඉන්ධන සහ අනෙකුත් ද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එබැවින් ව්‍යාපෘතියේ කම්කරුවන්ගේ රැකියා ගිවිසුම අවසන් කිරීමට කළමනාකාරිත්වය තීරණය කර ඇති බවත් Taisei තහවුරු කළේය.