ten-sri-lankans-vanish-from-commonwealth-games

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතර අර්බුදකාරී ශ්‍රී ලංකාවේ  සංචිතයේ සාමාජිකයින් දස දෙනෙකු බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ අදහසින් අතුරුදහන් වී ඇති බව ඉරිදා AFP ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහ කළමනාකරුවෙකු ඔවුන්ගේ ඉසව් අවසන් කිරීමෙන් පසු අතුරුදහන් වී ඇත.



ඔවුන්ගෙන් තිදෙනෙක් - ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇයගේ කළමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශානිත් චතුරංග පසුගිය සතියේම අතුරුදහන් වී තිබුන අතර ශ්‍රී ලංකා නිලධාරීන්  ඒ ගැන එරට පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණි.
එතැන් සිට තවත් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති අතර ඒ අනුව 10 ක් බවට පත්වේ. ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට නොයා එරට රැඳී සිටිමින් ඔවුන්ට රැකියා ලබා ගැනීම සඳහා එක්සත් රාජධානියේ  නීති වීරෝධී ලෙස වාසය කිරීමට ඔවුන් අපේක්ෂා කරනු ඇතැයි සැක කෙරේ.
160 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා බලඇණියේ කළමනාකාරීත්වය සතුව සියලුම සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර තිබූ අතර ඔවුන් වෙත ආපසු පැමිණීම සහතික විය. මේ හේතුව මත පිටව යාම වැලැක්වීමට අපේක්සා කළද අසමත් විය.
බ්‍රිතාන්‍ය පොලිසිය අතුරුදන් වූ පළමු තිදෙනා සොයා ගත් නමුත් ඔවුන් දේශීය නීති උල්ලංඝණය නොකළ නිසාත් මාස හයක් වලංගු වීසා බලපත්‍ර රඳවාගෙන නොතිබූ නිසාත් කිසිදු පියවරක් නොගත් බව AFP වාර්තා කර තිබේ.



ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ඉසව්වලින් අතුරුදන් වූ බවට මීට පෙරද වාර්තා විය.

පසුගිය 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මල්ලවපොර කළමනාකරු තම කණ්ඩායම අතහැර ඔස්ලෝහිදී ලෝක ශූරතා තරඟාවලියක් අතරතුර අතුරුදහන් විය. 2014 වසරේ දකුණු කොරියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු අතුරුදන් විය.
එමෙන්ම 2004 වසරේදී ශ්‍රී ලංකාවට ජාතික අත්පන්දු කණ්ඩායමක් හෝ නොමැති අවස්ථාවක, රට නියෝජනය කරන ලෙස පෙනී සිටි 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජර්මනියේ පැවති තරඟාවලියකට යාමට මඟ පෑදී අතුරුදහන් විය.