තම බිරිදගේ නැගණියට ඔහුට දාව උපන් දින 12 වයසැති බිලිදෙකු රුපියල් දසදහසකට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මෙම මස 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොනරාගල දිසාවීනිසුරු හා මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම මහත්මිය පසුගියදා නියෝග කළාය.
මොනරාගල මොනරකැලේ වත් පදිංචිකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.හෙතම තම බිරිදගේ නැගණිය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. ඇයට ලැබුණු දරුවා එම ප්‍රදේශයේම පදිංචිකාරියකට රුපියල් දසදහසකට අලවි කර ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි. සැකකරු පොලිසියට කට්ටි පනිමින් සිටියදී මාස දෙකකට පමණ පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු මීට පෙර බිරිඳගේ පළමු කසාදයේ දාහතර හැවිරිදි දියණියද අපයෝජනය කර ඇති බව මූලික පරික්ෂණාවලදි අනාවරණය වී ඇත.සැකකරුට අපරාධය සිදුකිරීමට අනුබලඳුන් බිරිදවාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස්දාහසක ඇපමත මුදාහැර තිබේ.
පොලිසිය භාරයට ගත් දරුවා අධිකරණ නියෝගයක් මත කැප්පෙටිපොළරැදවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිතය. මොනරාගල මූලස්ථාන පොලිස් පරික්ෂක පී. එචාමින්ද සංජීව මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් මාරසිංහ මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.
( මොනරාගල සුමනසිරි ගුණතිලක)
0 Comments