මැයි මස 31 වැනි දින සිට මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩි තැබීම් 26 කින් පුද්ගලයන් 30ක් මියගොස්, 16 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥනිහාල් තල්ලුව මහතා පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විශේෂ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්, එම විමර්ශනවලදී මෙම වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්, වෙඩි තැබීමට පැමිණි යතුරුපැදි, වාහන, ගිනි අවි කිහිපයක්, අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවත් සැකකරුවන් හා වාහන, ගිනි අවි අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්ලුව මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. විදේශ රටවල සිට යම් යම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස් මෙම ඝාතන මෙහෙයවන බවට විමර්ශන වලින් හෙළිව ඇති බවත්, පැරණි අමනාපකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ආරවුල්, එම මුදල් වංචා කිරීමේ ආරවුල්, එකම කණ්ඩායම් බෙදී යාම නිසා ඇති වූ ආරවුල්, අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශවයන්ට අනාවරණය වීම නිසා ආදී හේතූන් මෙම එතන සදහා හේතු වී ඇති බවද හෙතෙම කියා සිටියේය.
පසුගිය දිනවල රටේ ඇති වූ යම් යම් ක්‍රියා නිසා පොලිස් නිලධාරින්ට විශාල රාජකාරි රැසක් පැවරුණ බවත්, විරෝධතාකරුවන් පාලනය කිරීමට, ඉන්ධන පිරවුම් හල් අබුධ අතුල යම් යම් රාජකාරි හේතුවෙන් අපරාධ මර්දනය හා මන්ද්‍රව්‍ය පාලනයට යොදා තිබූ නිලධාරින් අඩුකර ඔවුන් වෙනත් විශේෂ රාජකාරි සඳහා යෙදවීමට සිදු වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. එම ක්‍රියාමාර්ග යථාතත්වයට පත්කර මින් අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකරමින් පවතින බවත්, ඔවුන් යළිත් රාජකාරි සඳහා යොමුකර අපරාධ මර්දන හා මත්ද්‍රව්‍ය පාලන කටයුතු සිදුකරමින් පවතින බවද හෙතෙම පැවසීය. පොලිස් ස්ථානවල අපරාධ විමර්ශන අංශය, කොට්ඨාස බුද්ධි අංශ, කොට්ඨා අපරාධ විමර්ශන අංශ, පොලිස් බුද්ධි අංශ, විශේෂ කාර්ය බලකාය, බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි සේවය යන අංශ සියල්ල එක්ව අවශ්‍ය තොරතුරු ලාබගෙන අපරාධකරුවන් හඳුනා ගැනීම ඇතුලු මෙහෙයුම් සිදුකරමින් පවතින බවද ඉදිරියේ මෙම අපරාධ පාලනය කිරීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.
පසුගිය කාලයේ සමාජයේ ඇති යම් යම් සිදුවීම් නිසා පොලිස් නිලධාරින්ට තාඩන පීඩන, අපහාස කිරීම්, ඇතුලු ක්‍රියාවන්ට ලක් වූ බවත්, එම නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට බධා එල වූ බවද හෙතෙම සඳහන් කළේය. මෙම තත්වය තේරුම් ගත් සංවිධානාත්මක අපරාධකරුවන් නීතිය ක්‍රියාත්මක කිරීම යම් අඩපන වීමක් සිදුව ඇති බව වැරදියට තේරුම් ගෙන අපරාධකරුවන් රැල්ලක් වශයෙන් ක්‍රියාත්මක වන්නට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. 2018 වසරේ සිට මේ දක්වා අපරාධ මර්දන රාජකාරිවලින් ටී 56 ගිනි අවී 265 ක්, පිස්තෝල අවි 138 ක්, හා රිවෝල්වර 104 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මෙම ගිනි අවිවලට අමතරව රිපීටර්, බෝර 12, ඒ කේ 47, ගල්කටස් යන අවි විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දිකා රාමනායක
0 Comments