Cloud-formation-resembling-Queen-Elizabeth-floats-English-town-just-hour-death

ඊයේ සිදුවූ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ මරණය සමග විවිධ නිමිති හා අමුතු විශ්වාසයන් සම්බන්ධ ආරංචිද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය.


ලීන් බෙතෙල් නමැති බ්‍රිතාන්‍ය කාන්තාවක් බටහිර මිඩ්ලන්ඩ්ස් හි ටෙල්ෆෝර්ඩ් හි අහස  මත පාවෙන එලිසබෙත් රැජින හා සමාන වලාකුළු නිර්මාණයක පින්තූරයක් බෙදාගෙන කියා සිටියේ එය රැජිණ මිය ගොස් පැයකට පසුව ලබාගත් එකක් බවත් රැජිණගේ රුව එහි සටහන්ව ඇති බවත්ය.



මේ අතර එදින දහවල් වින්ඩ්සර් මාලිගයේ දේදුන්නක් පෑයිම  සම්බන්ධ ආරංචියද විශේෂිතය. බකිංහැම් මාලිගයට ඉහළින් ද්විත්ව දේදුන්නක් දිස් වූ අතර බොහෝ දෙනෙක් පැවසුවේ රැජින අපට ලකුණක් එවා ඇති බවත් ඇය 'ඇත්තටම අප හැර ගොස් ඇති බවත්' ය. ඒ වනවිට රැජිණ මියගිය බවත් මාළිගය නිල වශයෙන් දන්වා තිබුනේ නැත.