පවතින ආර්ථික තත්වය යටතේ මන්දපෝෂණය වළක්වා ගැනීම පිළිබඳ වඩ වඩාත් පියවර ගැනීම සිදුකළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මන්දයත්. ඉදිරි මාස තුනක කාලයේදී මෙරට ජනතාව මන්දපෝෂණ තත්ත්වය කරා ගමන් කිරීමේ හැකියාවක් පෙන්නුම් කරන බැවිනි. ඒ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දැක්වූ අතර, ඒ ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණ.
සැලකිලිමත් විය යුතු දෙනික ප්‍රෝටීන අවශ්‍යතාව
වර්තමාන ආර්ථික අවපාතය සමග භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ප්‍රෝටීන බහුල ආහාර වන මස්, මාළු, කිරි, බිත්තර, පියලි වර්ග යන සියලුම දේවල් අපේ ආහාරවලට එකතු කරගත්ත වැඩි මුදලක් වැය කරත්ත සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ ගදනික ප්‍රෝටීන අවශ්‍යතාවයන් 50%ක් ලබා ගන්නේ බත්වලින්. ඉතිරි 50% තමයි අනෙකුත් ආහාරවලින් ලබා ගන්නේ. මෙහිදී අපි සැලකිලිමත් වෙන්න ඕන අපි කොහොමද අනෙකුත් ආහාර වලින් අපිට අවශය දෙනික ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගන්න යන්න පිළිබදව. මෙහිදී අපි වැඩිපුර බලන්න ඕන පියලි වර්ගත් සාමාන්‍යයෙන් මිල අධික නමුත්, සුළු ප්‍රමාණයක් ඒවායින් සපුරාගෙන අනෙක් මාංස ආහාරවලින් ඉතිරි ප්‍රෝටීන ප්‍රමාණ සපුරා ගන්නට.
මෙහිදී අපිට කියන්න වෙනවා හැම වේලකටම සත්ව ආහාරයක් සපුරා ගත්ත බැරි වුණාට අඩුම ගානේ දවසකට එක සත්ව ආහාරයක් හරි සුළු වශයෙන් හෝ සපුරා ගැනීම ඉතාම වැදගත්. කිරි, බිත්තර, කරවල, මාළු, මිරිදිය මාළු ඕනම ආහාරයකින් පොඩි ප්‍රමාණයක් එනම් ග්‍රෑම් 30ක හෝ ප්‍රමාණයක් ලබාගැනීම වැදගත්. විශේෂයෙන්ම හාල්මැස්සන් මේ වෙද්දි ගණන් වැඩියි. නමුත් දිනකට හාල්මැස්සන් පහක්වත් තමන්ගේ ආහාරයට එකතු කරගත්ත පුඵචන් නම්, අපිට අවශ්‍ය දනික ප්‍රෝටීන ප්‍රමාණයන් සෑහෙන ප්‍රමාණයක් ලබාගත හැකියි. හාල්මැස්සන්ගේ යකඩ හා කැල්සියම් පදාර්ථ අධික ලෙස අඩංගුයි. ඒ නිසා අපිට හාල්මැස්සන්ගෙන් ප්‍රෝටීන් පමණක් නොවෙයි කැල්සියම් හා යකඩත් ලැබෙනවා.
සැලකිලිමත් වියයුතු ඉදිරි මාස තුන
අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රෝටීන අවශ්‍යම කාණ්ඩ දෙකක් ඉන්නවා. ඔවුන් තමයි ගැබිනි මවුවරන්, අවුරුදු 5ට අඩු ළමුන් හා අවුරුදු 10-18ත් අතර ළමුන්. මේ ළමුන්ගේ වර්ධන වේගය වැඩියි වගේම ප්‍රෝටීන අවශයතාව වැඩියි. මේ කාලේ අපි ඉස්සරට වඩා ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපිවැය කරන මුදල්වලට කොහොමද මේ පෝෂණය සංරක්ෂණය කරගන්නේ කියලා බලන්න අවශයයි. එහෙම නැති වුණොත් අපි නොදැනීම ප්‍රෝටීන ඌණතාවය කරා ගමන් කරාවි.
ප්‍රෝටීන ඌණතාවට ගියොත්, අපේ රටේ මන්ද පෝෂණ තත්වය වැඩි වෙනවා. මොකද ආර්ථික අවපාතයට ලංකාව ගමන් කරත්තට පෙර ප්‍රෝටීන් අවශ්‍යතාව 100%කටත් වැඩි ප්‍රතිශතයක තිබුණා. මෙය එකවර කඩාවැටීමත් සමග අපේ රටේ මන්දපෝෂණය කරා ගමන් කිරිමේ හැකියාවක් තිබෙනවා. තාමත් අපි ලොකු ගැටලුවක් නැති වුණත්, අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස තුළදී මේ තත්වය ඇතිවීම් හැකියාවක් තිබෙනවා කියලා. මොකද වර්ෂාවත් සමග ආහාර මිල සෑම වර්ෂයකම අවසන් මාස තුන් ඉහළ ගොස් තිබෙනවා. මේ ආර්ථික අවපාතය නිසා මිල ඉහළ යාමත්, වර්ෂාව නිසා ආහාර මිල ඉහළ යෑමත් කියන දෙකම එකතු වුනාම මහජනයාට එය දරාගන්න බැරී වෙනවා. ඒ නිසා තමන්ගේ ආහාර වේල ගැන අවධානය යොමු නොකළොත් තමන්ට නොදැනීම මන්දපෝෂණයට ගොදුරු වේවි. ඒ නිසා එක ආහාර වේලකට වුණත් ආහාර කාණ්ඩ එකතු කරගන්න උත්සාහ ගත යුතුයි. ඇතැම් අය ඉන්ධන ගැටලුව නිසා එකවර කෑම පිසගෙන ආහාර වේල් තුනටම ආහාර ගත්ත තත්වයක් තිබෙනවා. ඒ අනුව එකවර පිසගත්ත ආහාර විවිධත්වයක් ඇතිව පෝෂණ සංඝටක පිළිබඳ සැලකිලිමත්ව පිස ගැනීම වටිනවා. මොකක් හරි කනවා කියල ආහාර පිසගත්තොත් ඉදිරියේදී මුහුණ දෙන්න සිදුවෙන ගැටලුකාරී තත්වය තවත් වැඩි වෙවී.
මන්දපෝෂණයේ නව තත්ත්වය
අපි ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය ගැන ජාත්‍යත්තර සංවිධාන නිකුත් කළ වාර්තා ගැන බැලුවාම ඔවුන් පැරණි දත්ත ගෙන සංසන්දනය කිරීමක් කර ඇති බව පෙනුණා. අපේ රටේ නවතම දත තිඛෙන් 2021 වර්ෂයේ දත්තයි. ඒ අනුව 2021 දත්තවල පෙන්නුම් කරන්නේ අපේ රටේ මන්දපෝෂණ තත්වයේ අඩුවක්. කෝවිඩ් වසංගත කාල් හුගක් වෙලාවට දරුවන් ගෙවල්වල හිටියා. මේ නිසා දරුවන්ගේ අසනීප තත්ව අඩු වුණා. ඒ නිසා මේ කාලේ දරුවන්ගේ පෝෂණ තත්වයන්වල යම් හොද මට්ටමක් දැක්කා. දරුවන් අසනීප වන එක අඩු වුණාම ආහාර සඳහා රුචිය වැඩි වනවා. ඒක නිරන්තරයෙන් වෙන දෙයක්. අපි මේ තත්වය 2021 දෙසැම්බර් මාසයේ කරපු සමීක්ෂණවලදී දැක්කා. ජාත්‍යන්තර සංවිධාන දත්ත අරගෙන සංසන්දනය කර තිබුණේ 2016 සිදුකරනු ලැබූ සමීක්ෂණ දත්තයි. ඒ අනුව 2016-2021ත් අතර ලොකු වෙනස්කමක් අපේ රටේ වෙලා තිබෙනවා. ඒ අනුව කියන්නෙ ඕන අපි දැන් සංසන්දනය කරන්නේ 2021 දත්තත් එක්ක ඉදිරි කාලයේ වෙන්න තිබෙන දෙය ගැන.
මෙහිදී අපි දකිනවා දරුවන්ගේ බරේ අඩුවක්. නමුත් එය මන්දපෝෂණ තත්ත්වය නෙවෙයි. බර අඩුවෙලා සෑහෙන කාලයක් ගියාට පස්සෙයි මන්දපෝෂණ තත්ත්වයට ගමන් කරන්න. අපි ඒ තත්වය ඉදිරි මාස තුනේදී තමයි බලාපොරොත්තු වෙන්නේ, ඒ අනුව අපි බර අඩු වෙන දරුවන් හඳුනාගෙන, ඒ දරුවන් මන්දපෝෂණ තත්වයට යන්නට නොදී වළක්වා ගැනීමයි සිදුකළ යුතු වන්නේ. ආර්ථික අවපාතය ගෝලීය වශයෙන් බලපා තිබෙනවා. ලංකාව මේ ගැන සැලකිලිමත් විය යුතු වන්නේ 14%ක් ලංකාවේ පවුල් සිටින්නේ අඩු ආදායම් ලබන මට්ටමේ නිසයි. මේ 14%ට මේ ආර්ථික අවපාතය තදබල විදිහට බලපානවා. මෙහිදී තමයි මේ ආර්ථික අවපාතය බලපෑම් කරන කාණ්ඩ හදුනාගෙන ඔවුන් වෙනුවෙන් ප්‍රතිකර්ම කිරීමට අවශ්‍ය වෙන්නේ. මේ කාණ්ඩ හදුනාගෙන ඔවුන්ට මූලයමය ආධාර හෝ ආහාරවලින් ආධාර කලොත්, අපිට මේ තත්වය වළක්වාගත්ත පුළුවන්.
වැස්සත් සමග පලා භාවිතය
ඒවගේම කියන්න ඕන ඉදිරි කාලයේවත් එක්ක ගෙවතු වගා යම් විනාශයකට ලක් වන්න පුළුවන්. ඒ නිසා කොළ වර්ග ආහාරයට ගනිද්දී ගස්වලින් ලබාගන්නා කොළ වන කතුරුමුරුගා, ජපන් බටු, මඤ්ඤොක්කා , මුරුංගා වැනි කොළ වර්ග පාවිච්චි කරත්ත, අපේ රටේ සම්පත් ගොඩාක් තිබෙනවා. ඒවා අඳුරෙගෙන මේ වෙලාවේ පාවිච්චි කිරීමයි සිදුකළ යුතු වන්නෙ.
දෙනික ප්‍රෝටීන අවශ්‍යතාව සපුරන බිත්තර හා හාල්මස්සන්
හාල්මැස්සන් ගැන කතා කරදි හාල්මැස්සන්ගේ ඔළුවේ තමයි අපේ හෘදයට හිතකර මේද අම්ල තිබෙන්නේ, ඔමේගා 3 මේද අම්ල සමහරු කරල් ලස බොනවා. මේ මේද අම්ලය වැඩිපුර තිබෙන්නේ හාල්මැස්සන්ගේ ඔළුවේ . අපි හාල්මැස්සන් ඔළුව කඩලා ඉවත් කළාම මේ පෝෂණය අහිමි වෙනවා, අපිට පුළුවන් හාල්මැස්සන් වේලලා, බැදලා කුඩු කරගෙත කෑම හදද්දී හැන්දක් එකතු කරගන්න. එවිට අපිට ප්‍රෝටීන අවශ්‍යතාව, යකඩ, කැල්සියම් පමණක් නොවෙයි මේද අම්ලත් ලබාගත හැකියි. අපිට ආහාර සුලබ වෛදී මේවා ගැන තිබෙන අවධානය නැතිව යනවා. නමුත් සුලබ නැතිවෙද්දී මේ වගේ දේවල් ගැන නැවත අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
මීළගට අමු හා වියළි හාල්මැස්සන් සන්සන්දනය කලාම පෝෂණය අතින් වෙනසක් නැහැ. නමුත් අමු හාල්මැස්සන්ට වඩා වියළි හාල්මැස්සන් 5ක් ආහාරයට ගත්තොත්, ලැබෙන පෝෂණය වැඩියි. මොකද ඒවා වියළි නිසා පෝෂණ සංඝටක සාන්ද්‍රණය වෙනවා. ඒ අනුව හාල්මැස්සන් ග්‍රෑම් 100ක් ගත්තාම වියළි හාල්මැස්සන් අල්ලන ප්‍රමාණය වැඩියි. බිත්තර තමයි හොදම ප්‍රෝටීන පදාර්ථය. බිත්තරයක අපිට අවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල අඩංගුයි. ඒ අනුව දිනපතා බිත්තරයක් ආහාරයට ගත්නවා නම් වැදගත්. නමුත් මිලත් එක්ක එය ඉතා අමාරුයි. දරුවෙක්ට දවසකට බිත්තර බාගයක්වත් දෙන්න පුළුවන් නම් ඒක ලොකු රැකවරයක්. ඒ අනුව බිත්තර මිල පාලනය ඉතාම වැදගත්. අපි කියන්නේ හැම කෙනකුටම බිත්තරයක් දවසකට ආහාරයට ගන්න එක හරි වැදගත්. බිත්තර කහමදය තමයි ඉතාම පෝෂණීය. අපි බිත්තරයක් විදිහට ගත්තාම පෝෂණය ගැනයි කතා කරන්නේ, ඒ නිසා බිත්තරයක් ඉතාම පෝෂණීයයි වගේම බිත්තරයක පෝෂණිය ශරීරයට අවශෝෂය වීමත් ඉතාම වැඩියි.
විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස
සටහන - නදිශානි පතිරණ
0 Comments