උතුරේ පුනරීන් ප්‍රදේශයේ සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SEA) ඉන්දියාවේ Adani Free Energy Group වෙත ලබා දී ඇති තාවකාලික අනුමැතිය “නීති විරෝධී” බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීම නිසා ' අනුමැතිය සම්බන්ධයෙන් මතභේදයක් පැනනැග තිබේ.





ලිඛිත ප්‍රකාශයක් කරමින් ලංවිම සාමාන්‍යාධිකාරී රොහන්ත අබේසේකර මහතා පවසන්නේ මෙගාවොට් 234ක සුළං බල ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ලබාදී ඇති තාවකාලික අනුමැතිය 2007 අංක 35 දරන මුහුදු පනත උල්ලංඝණය කිරීමක් බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට උදව්වට එවක ගෝඨාභය ජනපති යටතේ ඉන්දියාව ඉදිරිපත්වූ අවස්ථාවෙහි එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්ව සිද්ධ කරන්නට යෙදුණ මෙම ව්‍යාපෘතිය පසුව බරපතළ සාකච්ඡාවට ලක්විය.
ජූලි 7 වන දින SEA හි සභාපති රංජිත් සේපාල විසින් Adani Green Energy වෙත මූලික අනුමැතිය නිකුත් කරන ලදී.
ව්‍යාපෘතියට පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට දන්වා ඇති පසුබිමක තාවකාලික අනුමැතිය නිකුත් කරන ලද නමුත්, එයද ලංවිම විසින් නීතිවිරෝධී ලෙස දැන් හඳුන්වා ඇත.
2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පනතට අනුව, එවැනි සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති (NCRE) ව්‍යාපෘති සඳහා ලබාදිය යුත්තේ ‘තාවකාලික අනුමැතිය’ පමණක් වන අතර එය PAC විසින් අනුමත කළ යුතුය.



ඇමරිකානු ඩොලර් මිලියන 442 ක සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා රජය මේ වසරේ මාර්තු 11 වන දින Adani Green Energy සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (COPE) ව්‍යවස්ථාවට අනුව, Adani සමාගම මූලික අදියරේදී සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති 6000MW ඉල්ලා ඇත.

මීට පෙර දේශපාලන අධිකාරියේ බලපෑම් මත මෙවැනි නීතිවිරෝධී ‘පූර්ව අනුමැතියක්’ ලබාදීමට සමුද්‍ර අධ්‍යක්ෂ ජනරාල් සුලක්ෂණ ජයවර්ධන මහතා මෙය ප්‍රතික්ෂේප කළ පසුව සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවද වාර්තා වේ.