afgan-pakistan-cricket

අද (07) සාජා ක්‍රීඩා පිටියේ පැවති ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තීරණාත්මක පකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට පකිස්තානය සමත් විය.


මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන පිල ලබාගත් 129 පහසු ඉලක්කයක් ලෙස පෙනී ගියද පකිස්තානයේ කඩුළු දිගින් දිගටම බිඳ වැටී අවසන් ඕවරයේ වනවිට කඩුලු 9 ක් ලබා පකිස්තානය අසීරු තත්වයක සිටි අතර අවසන් ඕවරයේ ලකුණු 11 ක් අවශ්‍ය විය.


අවසන් පිතිකරු නසීම් ෂා පිට පිට 6 පහර දෙකක් එල්ල කර එම අසීරුතාවය ජයග්‍රහණයක් බවට හරවා ගත්තේය.
මේ අනුව සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සමග අවසන් තරගයට සුදුසුකම් ලබන කන්ඩායම බවට පකිස්තානය පත්විය.
ඉදිරියේදී පවත්වන තරග වලින් ඉන්දියාවට හෝ ඇෆ්ගනිස්තානයට අවසන් තරගයට යාමේ ඉලක්කය ලබාගැනීමට බැරි වනු ඇත.
ලබන ඉරිදා ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අවසන් තරගය පවත්වන්නට පෙර සුපිරි 4 වටය වෙනුවෙන් ශ්‍රී ලංකාව පකිස්තානය සමග 9 සිකුරාදාද තරග වදිනු ඇත.