age-7-girl-murder-mother

හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට බහා එයට ගල් දමා දෙල්වල ගග පහළ ප්‍රදේශයේ පරණ පතල් වළකට දැමූ සිදුවීමක් සම්බන්ධයෙන් දැරියගේ මව හා තවත් කාන්තාවක් පෙරේදා (07දා) අත්අඩංගුවට ගත් ඛව දෙල්වල පොලීසිය පවසයි.



මැල්සිරිපුර ප්‍රදේශයේ පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ වර්තකුලසූරිය මුදලිගේ හසිකා හර්ෂණී කුමාරී නමැත්තියක එසේ ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. එම අපරාධය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ නියෝග අනුව එම දැරියගේ සිරුර ඉදිරි දිනයකදී ගොඩගැනීමට නියමිත බවදදල්වල පොලීසිය කියයි. එම ඝාතනයට සැකපිට කාත්තාවත් දෙදෙනෙකු දෙල්වල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකාරියන් අතර මියගිය දැරියගේ 29 හැවිරිදි මවත් 30 හැවිරිදි ගැබිනි කාන්තාවක්ද සිටින බව දෙල්වල පොලිසිය පවසයි.

තිස්දෙහැවිරිදි හාතිස්හැවිරිදි අඹුසැම් යුවළද එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගැනීමට නියමීතව ඇත.

එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකාරියනුත් ප්‍රදේශයලා ගොස් ඇති අඹුසැම් යුවළත් එක ගෙයි පවුල් කන අයවලුන් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ප්‍රධාන සදකකරු ස්ත්‍රී අපයෝජන, ළමා අපයෝජන ඇතුඵ දරුණු අපරාධ ගණනාවකට එරෙහිව අධිකරණ කටයුතු සිදු කරමින් පවතින බවද පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධාන සැකකරු යුද හමුදාවෙන් පලා ආ අයෙකු බවත් ඔහුගේ නීතනුකුල බිරිදට දාව පුත්‍රයෙක් සිටින බවත් අනියම් බිරින්දෑවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් ගැබිනියක් බවත් අනිත් තැනැත්තිය දැරියගේ මව බවද පොලිසිය පවසයි.

මියගිය දැරියගේ මව බව පැවසෙන සැකකාරිය මැල්සිරිපුර ප්‍රදේශයේ කාන්තාවක වන බවත් ඇය පසුගිය ජූලි මාසයේදී මැල්සිරිපුර පොලීසියට ගොස් තම දියණිය දෙල්වල ප‍්‍රදේශයේ සිටියදී අතුරුදන්ව ඇති බවත් කැලණිය ප්‍රදේශයේ සිටින පුද්ගලයෙක් දැරිය රැගෙන යන්නට ඇති බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලීසිය පවසයි. මැල්සිරිපුර පොලිසිය විසින් එම පැමීණිල්ල පිළිබද සිය පොලීසිය දැනුවත් කිරිමෙන් පසුව සිදු කළ පරික්‍ෂතාවලදී එම ඝාතනය පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බවද දෙල්වල පොලීසිය පවසයි. සැකකාරිය සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් දැරිය රැගෙන ගිය බව කියන පුද්ගලයා පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇත.



එහිදී එම දැරිය එම පුද්ගලයා විසින් පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි. ඒ අනුව දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක අමල් කිර්ති මහතාට ඇතිවූ සැකය මත එම කාන්තාවගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරිමේදී ඝාතනයේ සුලමුල හෙලිකර ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.ඒ අනුව මීට මාස 6ට පෙර ප්‍රධාන සැකකරුගේ හය හැවිරිදි පුත්‍රයා මැණික් ගලක් වැනි දෙයක් සගවා තැබීමට උත්සහ කර ඇති අතර  මියගිය දැරිය එම ගල ඉවතට ගෙන වීසිකළ බව පවසමින් දැරියට සැකකරු විසින් අමානුෂිකව පහරදුන් බවත් එයින් දැරිය අසාධ්‍ය තත්වයට පත්වූ බවත් එහිදී තම අනියම් සැමියා (ප්‍රධාන සැකකරු) තමාගේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම හසුවිය හැකි නිසා වහා දැරියරැගෙන කාලයට යන ලෙස උපදෙස් දුන් බවත් එහිදී දියණිය රැගෙන කැලයට ගෙන ගොස් සිටියදී තම ඔඩොක්කුවේදී ඇය මියගිය බවට සැකකාරිය පොලිසියට සිදු කළ පාපොච්චාරයත් හෙළි වූ බවද පොලිසිය පවසයි.

පසුව දැරියගේ සිරුර පොහොර කවරයකුට දමා මීටර් තුන්සියයක් පමණ දුරක තිබූ අතහැර දැමූ මැණික් පතලක් අසලට ප්‍රධාන සැකකරු විසින් ඔසවාගෙන රැගෙන ගොස් ඇත. ඉන් අනතුරුව සිරුර දැමූ කවරයට ගල් දමා පතල්වලට දමා වසා දැමූ බවත් එම අවස්ථාවට සැකකරුගේ නීත්‍යනුකූල බිරිදත් තමනුත් සම්බන්ධ වූ බව සැකකාරිය පවසූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේ ප්‍රධාන සැකකරුගේ අනියම් ගැබිනි බිරිදත් නිවසේ සිට අපරාධය සිදුවන ස්ථානයට කිසිවකු ඇතුළු වෙනවාදැයි කියා ඔත්තු බලා සති බව සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටි බවත් දැරිය සිහිසුන්ව සිටියදී එසේ වළදමා ඇත්දැයි සැකයට තුඩුදෙන කරුණක් බවද පොලිසිය පවසයි. දැරිය මරා දමා වළ දැමුවා යැයි කියන ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇත. දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමල් කීර්ති මහතාගේ පූර්ණ අධීකෂණය උපපොලිස් පරික්‍ෂක රුවන්පතිරණ, පොලිස් කොස්තාපල් වීරසිංහ. කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්‍ෂණ සිදු කරති.

(කසුන් දර්ශන)