al-best-results-2021

2021 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ සමස්ත ලංකා මට්ටමෙන් එක් එක් විෂය ධාරාවලින් ප්‍රමුඛස්ථානය ලැබූ සිසු සිසුවියන් ඇගයීමේ විශේෂ වැඩසටහනක් ඊයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී එම සිසුන් ඇගයීමට ලක් කළ අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පරිගණක සහ මුල්‍ය ත්‍යාග ලබාදීම ද සිදු කරන ලදි.

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ගණිත, ජීව විද්‍යා, වාණිජ, කලා, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරා යටතේ දිවයිනේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත් සිසු සිසුවියන් මෙන්ම දෑත අහිමිව පාදය ආධාරයෙන් විභාගය ලියා වානිජ අංශයෙන් "ඒ" සාමාර්ථ තුනක් ලබාගත් රත්නපුර ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ රශ්මි නිමේෂා ගුණවර්ධන ශිෂ්‍යාව ද එහිදී අගැයීමට ලක් විය.



ඒ අනුව ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් යසන්ත සමරකෝන්, ජීව විද්‍යා අංශයේ පළමු වැනියා වූ මඩකලපුව, ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වන්නන් තුවාරකේෂ්, වාණිජ අංශයෙන් පළමු ස්ථානය ලැබූ ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න, කලා අංශයේ පළමුවැනියා වූ බදුල්ල, කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ පළමුවැනියා වූ කුරුණෑගල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ සහ  ජෛව පද්ධති තාක්ෂණවේදය යටත්තේ පළමු ස්ථානය හිමිකර ගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉසරි පබසරා ලොකු පතිරගේ යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එහිදී ඇගයීමට ලක්වූහ.

මීට අමතරව ගණිත අංශයෙන් දිවයින්නේ දෙවැනි ස්ථානය හිමිකරගත් කොළඹ හින්දු විද්‍යාලයේ ජයචන්ද්‍ර තුවරාජේෂ්, තෙවැනි ස්ථානය හිමිකරගත් බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ හත්සජ රමිත් ඇත්වෙල, ජීව විද්‍යා අංශයේ දෙවැනියා වූ ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලයේ අමාෂා නිශාමනී ජයලත්, තෙවැනියා වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිසර සිත්මක ජයරත්න, වාණිජ අංශයෙන් දෙවැනි ස්ථානය ලැබූ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ රෂිනි දුල්යා ඩයස්, තෙවැනි ස්ථානය ලැබූ මාතර, ශාන්ත තෝමස් විද්‍යාලයේ එම්.එන් මොහොමඩ් නිහාඩ්,

කලා අංශයේ දෙවැනියා වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ජිහාන් සඳරුවන්, තෙවැනි ස්ථානය හිමිකරගත් චන්ද්‍රිකා වැව ජයන්ති මහා විද්‍යාලයේ සකුන්තලා සෙව්වන්දි, ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකරගත් මල්ෂාන් බණ්ඩාර රාජපතිරණ, තෙවැනියා වූ කොළඹ,දේවි බාලිකා විද්‍යාලයේ සඳුනිකා ගෝවින්න සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දෙවැනි ස්ථානය හිමිකරගත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සහ තුන්වැනි ස්ථානය හිමිකරගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව ප්‍රභාෂ්වර ලන්සකාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද එහිදී අගැයීමට ලක් කරනු ලැබූහ.  

මෙම කටයුත්ත සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ‘NDB’ බැංකුව, ‘E-wis’ ආයතනය අනුග්‍රහය ලබාදෙන ලදි. තව ද මෙම අවස්ථාවට සමගාමීව එම සිසුන් අධ්‍යාපනය ලැබූ පාසල් සඳහා සුහුරු පුවරු (Smart Bord) ලබාදීම ද සිදු විය. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාඝවන්, අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන, මහාචාර්ය ගුණපාල නානායක්කාර, ‘E-wis’ ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක, NDB බැංකුවේ උපසභාපති සංජය පෙරේරා යන මහත්වරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් මෙන් ම ඇගයිම්ලාභී සිසු සිසුවියන්ගේ දෙමාපියෝ ද සහභාගි වූහ.