amaraweera-deer-death

කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර විසින් උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදු කළ සංචාරයකදී, ඔහුගේ රථයට හැපුණු මුවෙකු මියගොස් තිබේ.



වනෝද්‍යානය තුළ අධික වේගයෙන් රථය ධාවනය කිරීමත්, රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීමත් නිසා මෙසේ මුවා හැප්පී ඇති අතර එයින් වාහනයේ ඉදිරිපස වීදුරුවට දැඩි හානි සිදු වී තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමේදී එවැනි සිදුවීමක් වූ නමුත් එය සිදු වූයේ ජාතික වනෝද්‍යාන සීමාවෙන් පිටතදී බව ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.

උඩවලව ජාතික වනෝද්‍යාන ආරංචි මාර්ගවලට අනුව මුවා හැප්පී ඇත්තේ වනෝද්‍යානය තුළදීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ රාත්‍රී 8.00ට පමණ වන අතර පස්වරු 6.00න් පසු වනෝද්‍යානය තුළට ඇතුළු වීම නීතිවිරෝධීය. අනතුරෙන් පසු වාහනය වනෝද්‍යානයෙන් පිටට රැගෙනවිත් ඇත්තේ රාත්‍රී 11ට පමණ ය.