අනුරාධපුර නව බස් නැවතුම්පළ ආසන්නයේ කුම්බිච්චන්කුලම වැව අසල බිමත්ව අශෝබන ලෙස හැසිරෙමින් සිටියදී අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ
අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක සහ සිසුන් තිදෙනකු වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝඟ කළේය. සැකකාර සිසුවියගේ සහ සිසුන් තිදෙනාගේ මවුපියන් 2023 වසරේ අප්‍රේල් මස 3 වන දින අධිකරණය හමුවට කැඳවන ලෙසට ද අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසුරිය මහතා සැකකාර සිසුවියට සහ සිසුන් තිදෙනාට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කරනු ලැබීය.මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවියක සහ සිසුන් තිදෙනෙකි. බීමතින් ප්‍රසිද්ධ ස්ථානයක අශෝබන ලෙස හැසිරුණු බවට වන චෝදනා වෙන් වෙන් වශයෙන් මෙම සැකකාර පාසල් සිසුවියට සහ සිසුන් තිදෙනාට පොලිසිය වෙන් වෙන් වශයෙන් කියවා දුන් පසුව පොලිසිය නගන චෝදනාවට තමන් වරද පිළිගන්නා බව සැකකාර සිසුවිය පමණක් නීතිඥ සංජය රත්නායක මහතා මගින් අධිකරණයට පැවසුවාය.අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව සෙසු සැකකාර සිසුහු තිදෙනා නීතිඥ දුලානි කවීෂා මෙනවිය මගින් අධිකරණයට දැනුම් දුන්හ.
කෙසේ වෙතත් මෙම සැකකාර සිසුවිය සහ සිසුන් තිදෙනා අනුරාධපුර නව බස් නැවතුම්පළ ආසන්නයේ කුම්බිච්චන්කුලම වැව අසල බීමත්ව අශෝබන ලෙස හැසිරෙමින් සිටිය දී අත්අඩංගුවට ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළ පසුව සැකකාර සිසුවිය සහ සිසුන් තිදෙනා බීමත්ව සිටින බවට අදාළ වෛද්‍ය පරික්ෂණයේ දී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කර ඇති බවට සනාථ කෙරෙන වෛද්‍ය පරික්ෂණ වාර්තා ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.
උපාලි ආනන්ද
0 Comments