අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් අවසන් මහ තරගයෙන් පකිස්තානය පරාජයට පත් කළ ශ්‍රී ලංකාව ශූරතාවය දිනාගත්තේය.
මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 20කදී ලකුණු 170 ක් කඩුළු 6 කදී ලබා ගත් අතර මෙහිදී සාර්ථක ආරම්භයක් ලබා නොදුන් පැතුම් නිශ්හංක (8) හා කුසල් මෙන්ඩිස් (0) අඩුව පුරවමින් නොදැවී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂගේ ලකුණු 71 අතිශය වැදගත් විය. වනිදු හසරංග 36 ක් හා ධනංජය ද සිල්වා 28 ක් අද ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානය ආරම්භයේදී කඩුලු 2 ක් වැටී අසීරු තත්වයක සිටින අවස්ථාවේ අභියෝගාත්මක ලෙස ක්‍රීඩා කළ රිස්වාන් 55 ක් ඉෆිතිකර් අහමඩ් 32 ක් ලබාගෙන කිසියම් ජීවයක් පකිස්තාන ඉනිමට ලබාදුණි.
කෙසේ වෙතත් 93 දී තුන්වන කඩුල්ල වැටීමෙන් පසු දිගටම පකිස්තානු ඉනිම කඩා වැටුණ අතර අවසාන ඕවරයේදී ලබා තිබුනේ කඩුළු 10ට 147 කි.
ඒ අනුව ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවිය.
0 Comments