basil-escaped-usa

පසුගියදා ජනතා අරගලය ඇතිවූ අවස්ථාවේ ජුනි 09 වනදා ඇමති ධූරයෙන් හා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ  බැසිල් රාජපක්ෂ මහතා අනතුරුව ජනපති මන්දිරය ජනතාව වටළන්නට යෙදුණ ජුලි 09 වනදා ගෝඨාභය රාජපක්ෂ සමග ජනපති මන්දිරයේ සිට පළාගියේය. පසුව නාවික හමුදා කඳවුරක රැඳී සිට දින කිහිපයකින් ඇමරිකාව බලා යාමට උත්සාහ කළ නමුත් ආගමන විගමන නිලධාරීන් සේවා රාජකාරී වලින් බැහැරවී පළ කළ විරෝධය නිසා ඔහුට එම ගමන යාමට නොහැකි විය.


අනතුරුව  රටේ ආර්ථිකය වැනසූවන්ට එරෙහිව ගොනු කළ නඩුව අධිකරණයේදී විභාගවූ අතර එහිදී හිටපු මුදල් ඇමතිවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂට රටයාම තහනම් කරන ලදි. මේ හේතුවෙන් පසුගිය කාලයේ ඔහු අප්‍රකටව කිසියම් තැනක නැවතී සිටි අතර ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගීවීමෙන් වැළකුනේය.
මේ අතර ඔහුට එරෙහිව විභාග වෙමින් පවතින නඩුව අවසන්වරට පසුගිය සතියේ කැඳවූ අවස්ථාවේ ඔහුට විදේශගතවීමට අවසර ලැබුණි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිකුරාදා (9) දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බව ඔහු කීය.
ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇත.