basil-relesed-for-country

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂහට ලබන ජනවාරි මස 15 වනදා තෙක් තාවකාලිකව විදෙස්ගතවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසර ලබා දී තිබේ.


ශ්‍රී ලංකාවේ ආර්ථික වැනසූ මුදල් ඇමතිවරුන් හැටියට බැසිල් හා මහින්ද යන දෙන්නාට එරෙහිව විභාගවන නඩුව අනුව එම දෙන්නාටම විදෙස් ගතවීම තහනමට ලක්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂගේ තහනම පමණක් තවදුරටත් දීර්ඝ කර තිබේ.බැසිල්ට පමණක් මෙම විශේෂ අවසරය ලබාදී ඇත්තේ

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මත ලබන සතියේ ඇමරිකාව බලා යාමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නවීන් මාරපන සහ ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අවසරය ලබාදී ඇත.

 ඔවුන් දෙදෙනා ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් රට මුහුණදී ඇති බරපතළ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් සේ නම් කොට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මෙම ලිහිල ලබාදී ඇත.