
රෙද්දකින් ඔතාගත් බෝනික්කකු තුරුල් කරගෙන බෝනික්කා දරුවකු බව අඟවා මගීන්ට අතපාමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ සිගමනේ යෙදුණු කාන්තාවක පසුගිය සිකුරාදා අල්ලාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව කියයි. අත දරුවාට කිරිපිටි මිලදී ගැනිමට වත්කමක් නොමැති බව කියමින්
මෙම කාන්තාව සිගමනේ නිරතව සිටියේ යැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් පැවැසීය. මගීන්ගේ අනුකම්පාව දිනාගැනීමට මෙවැන්නක් කළ බව ඇය පවසන්නේ යැයිද දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
අත දරුවකු රෙද්දකින් ඔතාගෙන සිටින ආකාරයට එම දරුවාට හුස්ම ගැනීමට අපහසුතාවක් ඇති තිබෙන බවට පෙනී ගිය නිසා එය දුටු දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් ඒ බව දැනුවත් කිරීමට කාන්තාව අසලට ගිය අවස්ථාවේ ඇය තුරුලු කරගෙන සිටින්නේ බෝනික්කකු බවට එම නිලධාරියාට දැක ගැනීමට ලැබී ඇත. අල්ලාගත් මෙම කාන්තාවට දැඩි ලෙස අවවාද කර මුදා හැර ඇය සන්තකයේ තිබු බෝනික්කා විනාශ කර දැමු බව දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග පවසයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval