The-10-crore-Bentley-stolen-from-London-is-found-in-Karachi-by-GPS

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් සොරකම් කර පකිස්ථානයේ කරච්චි වෙත රැගෙන ගොස් තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 ක්  (ශ්‍රී ලංකා රුපියල් කෝටි 10)  පමණ වටිනා ‘Bentley Mulsanne’ වර්ගයේ මෝටර් රථයක් ජීපීඑස් තාක්ෂණයෙන් සොයාගන්නට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 බ්‍රිතාන්‍යයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ පකිස්‌තාන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුගේ සහය ඇතිව මෙම වාහන ජාවාරම සිදු කර තිබූ බවද පරීක්ෂණ වලදි අනාවරණයවී තිබේ.
ඩොලර් 300,000 වටිනා රථය ජීපීඑස් තාක්ෂණය ඔස්සේ ලැබුණ තොරතුරු මත ලුහු බැඳ පකිස්ථානයේ රේගු නිලධාරීන් විසින් වටලා බේරාගන්නා ලදි.
පාකිස්තානයේ රේගු නිලධාරීන් සෙනසුරාදා දින වැටලීම සිදු කළේ කරච්චි නුවර බංගලාවක් තුළ එය සඟවා තිබියදීය.
ලන්ඩනයේ ජාතික අපරාධ ඒජන්සිය විසින් මෝටර් රථය සොරකම් කිරීම පිළිබඳව දැනුම් දීමෙන් පසු නිලධාරීන් බංගලාව වටලා එහි තිබී මෙම මිල අධික මෝටර් රථය සොයා ගෙන ඇත. ආසන්න  බංගලාවකින් බලපත්‍ර නොමැති අවි ආයුධ තොගයක්ද සොයා ගැනිණි.

ආරංචි මාර්ග පැවසුවේ මෙම වාහනය සති කිහිපයකට පෙර ලන්ඩනයේදී සොරකම් කර ඇති බවයි. කල්ලියට සම්බන්ධ සොරුන් නැඟෙනහිර යුරෝපීය රටක ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ ලියකියවිලි උපයෝගී කරගනිමින් මෝටර් රථය පාකිස්තානයට ගෙනවිත් තිබේ. එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මේ වන විට ඔහුගේ රජය විසින් යළි කැඳවා ඇති බවද පැවසේ.

මෝටර් රථයේ මිල ඩොලර් 3,00,000 කට වඩා වැඩි වන අතර එය සන්නාමයේ විශාලතම සහ මිල අධිකම සෙඩාන් රථය වේ. ප්‍රමාණවත් ලියකියවිලි ලබා නොදීම හේතුවෙන් මෝටර් රථය අලෙවි කළ ඉඩම් හිමියා සහ තැරැව්කරු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වාහනයේ අංක මාරු කිරීමට ඔවුන් කටයුතු කර තිබූ නමුත් චැසි අංකය වෙනස් කර තිබී  නැත.පකිස්ථාන මාධ්‍ය වාර්තා වලට අනුව, බෙන්ට්ලි හි ට්‍රැකින් ට්‍රැකර් ක්‍රියා විරහිත කිරීමට සොරුන්ට නොහැකි විය. මෙය එක්සත් රාජධානියේ බලධාරීන්ට උපකාර වූ අතර ඔවුන් උසස් ලුහුබැඳීමේ පද්ධතියක් හරහා මෝටර් රථය තිබූ ස්ථානය සොයාගෙන පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ගත්හ.මෙම ජාවාරමේ මහ මොළකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.