දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවෙන් නිදහස් වීමට රටවල් තුනක් සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේවා නම් ඕස්ට්‍රේලියාව, ඇන්ටිගුවා-බාබුඩා සහ ජැමෙයිකාවයි. රටවල් තුනේම ජනමත විචාරණ 2025 දී පැවැත්වීමට නියමිතය. මේහිදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ ඉන්නවාද නැද්ද යන්න ගැන මේ රටවල ජනතාව ඡන්දය ප්‍රකාශ කරනු ඇත.


මෙම රටවල බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවට එරෙහි මේ වනවිටත් අදහස් පැතිරෙන වාතාවරණයක් පවතින බව වාර්තාවේ. රටවල් ජනරජ බවට පත් කිරීම සඳහා 'ස්වයං පාලන ව්‍යාපාරයක්' ද ක්‍රියාත්මක වේ.
එලිසබෙත් රැජින 2022 සැප්තැම්බර් 8 වන දින අභාවප්‍රාප්ත විය.
රැජින ඇගේ පාලන සමයේදී රටවල් 15 ක රාජ්‍ය නායකයා විය.රැජිනගෙන් පසු ඇගේ පුත් චාල්ස් රජ වූ නමුත් ඔහුට රැජිනට තරම් ප්‍රසාදයක් හෝ අභිමානයක් ලැබී නැත. චාල්ස් ඉදිරියේ ඇති ලොකුම අභියෝගය වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පවත්වා ගැනීමයි.

රජ වූ පසුවත් නිසි පරිදි ඔටුන්න හිමි වනතුරු චාල්ස්ට බලා සිටින්නට සිදුවන අතර රාජාභිෂේකය සඳහා වසර එකහමාරක් පමණ ගතවනු ඇතැයි වාර්තාවේ.


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ගැලවීමට ඕස්ට්‍රේලියාව, ඇන්ටිගුවා-බාබුඩා සහ ජැමෙයිකාව ජනමත විචාරණ සඳහා දිනයොදා ඇති අතරවාරයේ
කැනඩාවද සමීක්ෂණයක් පවත්වා ඇති අතර Angs නමැති මෙම මත විමසුමේදී මිලියන 381 ක ජනගහනයෙන් 34% ක් චාල්ස් රජු ලෙස ප්‍රිය කරන අතර 66% ක් විරුද්ධය.   ප්‍රංශ භාෂාව කතා කරන ක්විබෙක්හි,  71% ක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන් වීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියාව: 1999 වසරේ පැවති ජනමත විචාරණයේදී 54% ක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇති නමුත් දැන් තත්වය වෙනස් විය හැකිය. කම්කරු පක්ෂය නියෝජනය කරමින් දැන් අගමැති ධූරය දරන ඇල්බනීස් ජනරජ ඇමතිවරයා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉවත් වන ලෙස අදහස් පළ කළේය. 2025 දී ජනමත විචාරණයක් පැවැත්වෙන බව දැන් පවසා ඇත.

නවසීලන්තයද සමීක්ෂණයක් පවත්වා ඇති අතර ආසන්න වශයෙන් මිලියන 5.1 ක ජනගහනයෙන් 42% ක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වීමට කැමැත්තක් දක්වා ඇත. අග්‍රාමාත්‍ය ජිසන්ඩා ආර්ඩර්න් සිය ජීවිත කාලය තුළ නවසීලන්තය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන් කළ හැකි බවට ප්‍රකාශයක්ද කළාය..