Giving-the-school-holiday-to-the-Queens-death-was-a-justification-for-the-students

පැවති කෝවිඩ් තත්වය හා ඉන්ධන අර්බුදය නිසා සිසුන්ට අධ්‍යාපනය අහිමි වී තිබීයදී අද (19)දා දිනයේදී පාසල් නිවාඩු ලබාදීම පාසල් සිසුන්ට සිදුකළ දැඩි අසාධාරණ ක්‍රියාවක් බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. පසුගිය කාලයේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබීම නිසා මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන විභාග දෙකක් කල් දමන ලෙස විවිධ පීරිස් යෝජනා කරමින් තිබියදී දේශපාලන වාසි ලබාගැනීම සඳහා රැජිණගේ මරණය දක්වමින් අද දිනයේදී පාසල් වසාදැමූ බවද එම සංගමයේ කැඳවුම්කරු ජෝශප් ස්ටාලීන් මහතා පැවසීය.



කෝවිඩ් තත්ත්වය තුළ හා ඉන්ධන අර්බුදය නිසා පසුගිය කාලයේදී සිසුන්ට පාසල් අධ්‍යාපනය අහිමි වූ බවත්, මේ නිසා ගුරු විදුහල්පතිවරුන් විසින් පාසල් විෂය මාලාව ඉගැන්වීම සඳහා විශාල කැපකිරීමක් සිදුකරමින් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. එවන් තත්වයක් තුළ එක් පැයක් හෝ පාසල් පැවැත්වෙන දිනයක අධ්‍යාපනය අහිමි කිරීම සිසුන්ට සිදුකරන අසාධාරණ ක්‍රියාවක් බවද ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

එසේ පවතින ආර්ථික අර්බුදය නිසා පාසල් සිසුන් පෝෂණ ගැටලුවලට මුහුණදී සිටියදී සවස් කාලයේදී සිසුන් වෙනුවෙන් ක්‍රීඩා කටයුතු සිදුකළ යුතු බවට ආණ්ඩුවේ අමාත්‍යවරුන් යෝජනා  කර තිබෙන අතර, එයට තම සංගමයේ විරෝධය පළ කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

පවතින ආර්ථික අර්බුදය නිසා පාසල් සිසුන්ට නිසි පෝෂණය සහිත ආහාර නොලැබී යාම් හා නිසි ලෙස ආහාර නොලැබීම පිළිබඳ හා ළමා මන්දපෝෂණ තත්ත්වයන් ඇති වෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. පෝෂණ වැඩසටහන් යටතේ ආහාර ලබාදීම සිදුකරනු ලබන්නේ, ලක්‍ෂ 43කට ආසන සිසුන්ගෙන් ලක්‍ෂ 31කට අධික ප්‍රමාණයකට බවත්, පවතින තත්ත්වය තුළ සිසුන් ලක්‍ෂ 30ටවත් ආහාර ලබාදිය. යුතු තත්වයක් ඇති වී තිබෙන බවත් ස්ටාලින් මහතා පැවසීය.


(එච්.අයි. තුෂාර)