An-inquiry-from-Ukraine-about-the-7-imprisoned-Sri-Lankans

යුක්රේනයේ කාර්කිව් - නගරයේදී එරට හමුදා භාරයට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් හත්දෙනා පිළිබඳ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇතැයි යුක්රේන මාධ්‍ය පවසයි. පිරීමි පුද්ගලයන් හයදෙනෙකු සහ එක් කාන්තාවකගෙන් සමන්විත මෙම කණ්ඩායම පසුගියදා පා ගමනින් යමින් සිටියදී කාර්කව් නගරයේදී යුක්රේන හමුදා භාරයට පත්ව තිබේ.



මොවුන් යුක්රේනයේ අධ්‍යාපන කටයුතු සහ රැකියා සඳහා පිටත්ව ගිය පිරිසක් බව සඳහන් වෙයි. මෙම පිරිස පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ අවස්ථාවේදී රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි බවත්, එහිදී රුසියානු හමුදාවන්ගේ දැඩි වද හිංසාවලට ලක්ව ඇති බවත් යුක්රේන මාධ්‍ය පවසයි. අනතුරුව ආසන්න දිනවලදී එම නගරය යළිත් යුක්රේන හමුදා පාලනයට නතු විය. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වා ඇති යුක්නරේ මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙකෝ, මෙම පිරිස යුද්ධය ඇරඹීමත් සමග කාර්කිව් බලා පැන යන අතරතුර පළමු රුසියානු මුරපොළේදී රුසියානු හමුදා භාරයට පත්ව තිබෙන බව සඳහන් කර තිබේ.

ඇය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස හමු වූ අවස්ථාවේදී ලබාගත් ජායාරූප කිහිපයක්ද ඒ සමග ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පොලිස් නිලධාරීන් සමගින් සිටින ඡායාරූපද ඒ අතර වෙයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඇය මෙම පීර්ඝ නිරුපද්‍රිතව සිටින බවත්, ඔවුන්ගේ සිදුවීම පිළිබඳ පොලිස් පක්ෂණ ආරම්භ කර ඇති බවත් පවසා ඇත. එසේම මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස රඳවා තබා ගත් කාලසීමාවේදී රුසියානු හමුදාවන් ඔවුන්ගේ නියපොතු ඉරා දැමීමක් සිදු කර ඇති බවත්, ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ සිදුකරගෙන ඇති බවත් මෙම මාධ්‍යවේදිනිය සඳහන් කර තිබේ.



මෙහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් යුක්රේයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කර ඇති බවත්, එම පිස වඩාත් යහපත් රහසිගත ස්ථානයක රඳවා තැබීමක් සිදු කර ඇති බවත් යුරේ පොලීසිය එරට මාධ්‍ය වෙත පවසා ඇත.මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රුසියානු මාධ්‍ය, අදාළ ශ්‍රී ලාංකිකයන් පිරිස වෙත වදහිංසා පමුණුවා ඇත්තේ යුරේන හමුදාව යටතේදී බව පවසා සිටියි. මෙහිදී ඔවුන් පිරිස යුක්රේන හමුදා විසින් හඳුනා නොගත් ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇතැයිද එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි. මේ සම්බන්ධයෙන් අද පුවත්පත ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාතශයෙන් සිදු කළ විමසීමකදී අදහස් දැක්වූ එහි නිලධාරියෙකු සඳහන් කර සිටියේ මේ වනවිටත් එම සිදුවීම පිළිබඳ තොරතුරු ඉල්ලා යුක්රේන තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බවත්, මෙතෙක් ඒ පිළිබඳ සවිස්තර තොරතුරක් ලැබී නොමැති බවත්ය.