තිරිගු පිටි මිල ඉහළ යාම නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 300දක්වා ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව මේ දක්වා 190 ක්ව තිබූ පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට ඉහළ නංවා ඇත.
මීට මාස එකහමාරකට පමණ පෙර ජූලි 12 වනදා පාන් ගෙඩියක මිල ඉහළ දැමූ අතර ඊට මාස එකහමාරකට පෙර මැයි 19 වනදාද මිල ඉහළ දැමීමක් සිදුවිය.
මේ අනුව මාස එකහමාරකට වරක් පාන් මිල නොසිතූ විරූ ලෙස ඉහළ දැමීම නිසා සාමාන්‍ය ජනතාවට වේලක් පිරිමසා ගැනීමට පවතින අවම ආහාරයටද හෙනහුරා කඩාවැදී ඇත.
අධික ඉන්ධන හිඟය හා නිෂ්පාදන වියදම අධිකවීම මත මෙම තීරණය ලබාගත් බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ව්‍යාපාරිකයන් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 200කට ආසන්න මුදලකට විදේශවලින් ගෙන්වා පසුගිය දිනවල සමාගම් විසින් ලබාදුන් මිලටම ලබාදුන් බවත්, එහෙත් මේ වන විට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 350ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කරමින් තිබෙන බවත්, වෙළෙඳ පොළේ තිරිගු පිටි හිඟයක් පවතින නිසා පාඩු පිට නිස්පාදනය කළ නොහැකි බවත් ඔවුන් පෙන්වාදී ඇත.
නව පාන් මිලට සාපේක්ෂව අනෙකුත් කෙටි ආහාර බේකරි නිෂ්පාදන මිලද ඉහළ දමා ඇත.
0 Comments