chamara-sampath-attack

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන හෙල්මටයකින් පහර දී ඇති බව වාර්තා වේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ බදුල්ල ප්‍රදේශයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට අයත් වෙළෙද සැලක් ඉදිරිපිට ඇමතිවරයා වාහනය නවතා කතාබහ කරමින් සිටියදීය.
 බදුල්ල බණ්ඩාරනායක මාවතේදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැන බැදී යතුරුපැදි හිස්වැස්මකින් පහරදී තිබේ.
කෙසේ වෙතත් ඇමති ආරක්ෂකයන් මැදිහත්ව ප්‍රහාරය වළක්වා ගැනීම නිසා ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍ය හානියක් සිදුව නැත. පසුගිය කාලයේ ගුරුවරියක් දණගැස්වූ බවට මෙන්ම තවත් චෝදනා රැසක් මෙම රාජ්‍ය ඇමතිවරයාට එල්ල වී තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයා ‘කන්නන්‘ නමැති ඇමතිවරයා සමග කලක් හිතවත්ව සිටි අයෙකු බවද පැවසේ.