නව ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් හා ආසන සංවිධායකවරුන් පත් කිරීම 2022 සැප්තැම්බර් 15 සිට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ මෙහෙයැවීමෙන් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමගේගෙන් කළ විමසීමකදී පැවසුවේ නවලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගටත් කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගට හා කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය තමාටත් හිමිවීමට නියමිත බවය.
දිවයින පුරා ආසන සංවිධායකවරුන් පත් කිරීමේ දී නව ලංකා නිදහස් පක්ෂය යටතේ මුල්වරට දේශපාලනය පිවිසීමට නියමිත හිටපු ජනාධිපතිනියගේ පුත් විමුක්ති කුමාරතුංග අත්තනගල්ල ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීමට සූදානමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව මේ වන විට ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා හා චන්දිම වීරක්කොඩි මන්ත්‍රිවරුන්ද වත්මන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නව ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිනිය හා තමා සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති බවද පා.ම. කුමාර වෙල්ගම සඳහන් කළේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග සමීප දේශපාලන සම්බන්ධතා නිරන්තරයෙන් පවත්වා ගෙන යනු ලබන පොදුජන පෙරමුණේ හා ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් හා ආසන සංවිධායකවරුන් පිරිසක් ඉදිරියේ දී නවලංකා නිදහස් පක්ෂය හා එක්වීමට සූදානමින් සිටින බවද හෙතෙම සඳන් කළේය.
(රංජිත් ගුණවර්ධන)
0 Comments