charls-3-islam

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඇගේ වැඩිමහල් පුත් චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් බ්‍රිතාන්‍ය රජු බවට පත් විය. සිංහාසනයට පත්වීමෙන් පසු ඔහු III චාල්ස් රජු ලෙස නම් කරන ලදී.



රජු බවට පත්වීමෙන් පසු, චාල්ස් III පිළිබඳ මහජන උනන්දුව ලොව පුරා වැඩි වී තිබේ.  අල් ජසීරා මාධ්‍ය ආයතනය චාල්ස්ගේ ඉස්ලාම් ප්‍රවේශය පිළිබඳව විශේසයෙන් වාර්තාවක් ප්‍රකාශ කර තිබේ.

වාර්තාවලට අනුව 73 හැවිරිදි චාල්ස් නව බ්‍රිතාන්‍ය රජතුමා දේශගුණික විපර්යාස, දේශපාලනය සහ ආගම ඇතුළු සංස්කෘතික හා සමාජීය කරුණු ගණනාවක් පිළිබඳ ඔහුගේ අදහස් සඳහා මහජන අවධානය යොමු කර ඇත. චාල්ස් අවස්ථා කිහිපයකදීම ඉස්ලාම් දහම පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර ඇත.

ඔහු ඒ සෑම අවස්ථාවකදීම මුස්ලිම් ආගම විවෘතව වර්ණනා කළේය.

'චාල්ස් ඇට් සෙවන්ටි‘ නමැති පොතේ කතුවරයා වන රොබට් ජොබ්සන් පෙන්වා දෙන පරිදි, බ්‍රිතාන්‍යයේ රජු ඉස්ලාමයේ ශුද්ධ ග්‍රන්ථය අල්-කුරානය අධ්‍යයනය කර අරාබි භාෂාවෙන් මුස්ලිම් නායකයින්ට තම ලිපි අත්සන් කර තිබෙන නායකයෙකි.

නබි මුහම්මද් (සල්) තුමාණන් උපහාසයට ලක් කරමින් ඩෙන්මාර්ක කාටූනයක් 2005 දී ප්‍රකාශයට පත් කර තිබූ අවස්ථාවක. 2006 දී, චාල්ස් ඊජිප්තුවේ කයිරෝ හි අල්-අසාර් විශ්ව විද්‍යාලයේ සංචාරයකදී මෙම සිදුවීම විවේචනය කළේය. එමෙන්ම මේ 2022 වසරේ අප්‍රේල් මාසයේදී  මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසය ආරම්භයේදී
චාල්ස් ප්‍රකාශ කළේ ‘රාමදාන් ආත්මයෙන්’ සෑම කෙනෙකුටම ඉගෙන ගත හැකි බවයි.

එසේම ඔහු ප්‍රකාශ කළේ, 'ත්‍යාගශීලීත්වය පමණක් නොව, මධ්‍යස්ථභාවය, කෘතවේදීත්වය සහ යාච්ඤාවේ එකමුතුකම ලොව පුරා බොහෝ දෙනෙකුට මහත් සහනයක් ගෙන දෙන බවයි. '
(අපට) අපගේම සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය ඉස්ලාමීය ලෝකයට ඇති ණය ගැන බොහෝ නොදැනුවත්කමක් ඇති බව III චාල්ස් රජු 1993 දී ඔක්ස්ෆර්ඩ් ඉස්ලාමීය අධ්‍යයන මධ්‍යස්ථානයේ බොහෝ සාකච්ඡා කළ දේශනයකදී පැවසීය.