china-solar-drone

චීනය තුළ නිපදවුණු සූර්ය බලයෙන් ක්‍රියාත්මක මිනිසුන් රහිත විශාලතම ගුවන් යානය (UAV) පසුගිය සෙනසුරාදා දිනයේදී සිය මංගල පියාසර්ය සම්පූරණ කළ බව එරට මාධ්‍ය සදහන් කරයි. මෙම මිනිසුන් රහිත ගුවන් යානය එසේත් නොමැති නම් ඩ්‍රෝන යානය Pimingxing-50 නමින් හැදින්වෙයි. එහි ඉංග්‍රීසි අදහස Morning Star-50' හෙවත් උදා තරුව-50 යන්නයි. චීනයේ ගුවන් කර්මාන්ත සංස්ථාව (AVIC) යටතේ ක්‍රියාත්මක ආයතනයක් මගින් මෙය නිපදවා තිබේ.

මෙම යානය පසුගිය සෙනසුරාදා දිනයේදී චීනයේ පළාත් යුලින් නගරයේදී ගුවන් ගමන සිදුකර තිබේ. ඒ අනුව යානය පස්වරු 5,50ට පමණ ගුවන්ගත කෙරේ ඇති අතර, පස්වරු 6.16ට එය ගොඩබස්සවා තිබේ. මෙහිදී යානය විනාඩි 26ක කාලයක් ගුවන් ගත කර ඇති අතර, එය ඉතාමත් හොද තත්වයෙන් ක්‍රියාත්මක වූ බවත් මෙම මෙගල ගමන සාර්ථක බවත් එහි AVICආයතනය පවසයි. 200 Qimingxing-50 3700 AVIC ආයතනය මගින් නිෂ්පාදනය කළ පළමු ඉහළ උත්තතාශ දිගුදුර පියාසර UAV යානා මාදිලයද වෙයි. ඒ අනුව මෙම යානයට ගොඩබිම සිට කිලෝමියර් 15-20ත් අතර උසක් අඩුම වේගයකින් පියාසර කිරීමේ හැකියාව පවතී. මෙහිදී යානය වෙත අවශ්‍ය බලශක්තිය 100%ක්ම පිරිසිදු සූර්ය බලයෙන් ලබාදෙයි. ඒ අනුව මෙම ස්ථානය සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක ඩ්‍රෝන යානයක් බවත් AVICආයතනය සදහන් කරයි. මෙම යානය මගින් ඉහළ උන්නතාංශයක සිට සිදු කරන පිරික්සුම් කටයුතු, වනාන්තර ගිනි ගැනීම් නිරීක්ෂණය, වායුගෝලීය පරිසර නිරික්ෂණය, භූගෝලීය සිතියම් සකස් කිරීම් කටයුතු මෙන්ම සන්නිවේදන සබඳතා හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයක් ලෙසද යොදාගත හැකි බව නිෂ්පාදකයන් පවසයි.