
රුපියල් මිලියන 100 ක් වටිනා අති නවීන නිදන්ගත වකුගඩු රෝග (CKD) පරීක්‍ෂණ වාහන (ජංගම විද්‍යාගාර) අටක් ශ්‍රී ලංකාවට ඊයේ චීනය විසින් පරිත්‍යාග කරන ලද අතර මිලියන 660 ක් වටිනා එම වාහන ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග බලපෑමට ලක් වූ ප්‍රදේශ 8 ක් සඳහා යොමු කරවන ලදි.
අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල මෙම ජංගම විද්‍යාගාර යෙදවීමට නියමිතය.
කොළඹ චීන තානාපති කාර්යාලය මෙම ප්‍රදානය ගැන පවසා සිටියේ,
“‘silent killer’ (නිශ්ශබ්ද ඝාතකයා) ලෙස හැඳින්වෙන CKD රෝගයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සිටින රෝගීන් රෝග ලක්ෂණ පෙන්වීමට පෙර වසර ගණනාවක් රෝගය සමඟ ජීවත් වන අයයි.
මොවුන්ව කලින් පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම මගින් සීමිත සෞඛ්‍ය සේවා ප්‍රවේශයක් ඇති එකී පෙදෙස්වල ජනතාවට මහත් උපකාරයකි” ලෙසිනි.
ප්‍රතිකාර සඳහා පොළොන්නරුවේ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව හා ජාතික වෘක්ක රෝග රෝහලෙන් සහ ඒකාබද්ධ පර්යේෂණ සහ නිරූපණ මධ්‍යස්ථානයෙන් අවශ්‍ය සේවා සැපයෙනු ඇත.
ජංගම විද්‍යාගාර 8 ක් ආරම්භ කිරීමට පෙර පිරිස් පුහුණුව සහ උපකරණ පරීක්ෂා කිරීම මෙම පරිත්‍යාගයේ වැදගත් අංගයක් වී ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
සෑම CKD පරීක්‍ෂණ වාහනයක්ම ශීතකරණ, ජෛව රසායන විද්‍යා විශ්ලේෂකය, විද්‍යුත් විශ්ලේෂකය, අන්වීක්ෂය, අධෝරක්තවිද්‍යා විශ්ලේෂකය, මුත්‍රා විශ්ලේෂකය, ජල පිරිපහදු පද්ධතිය, අල්ට්‍රා සවුන්ඩ් රෝග විනිශ්චය ස්කෑනිං පද්ධතිය සහ කේන්ද්‍රාපසාරී ඇතුළු වෘත්තීය උපාංගවලින් සමන්විතය.

Comments
Post a Comment
Your comment will be visible after approval