
කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
සමාජවාදී තරුණ සංගමයේ සංවිධායකවරයෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් එම පෙත්සම ගොනු කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දස දෙනෙකු නම්කර තිබේ.
රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත්කර ඇතැයි ද,
අදාළ පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ද පෙත්සම්කරු කියා සිටී.
ඒ අනූව තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු එය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval