covid-vaccine-sri-lanka

කෝවිඩ් රෝගීන් හා මරණ වාර්තා වීම දිගින් දිගටම සිදුවුවත්, කෝවිඩ්-19 එන්නත ලබා ගැනීමට ජනතාවගේ උනන්දුවක් නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. කෝවිඩ් හතරවැනි මාත්‍රාව ලබාදීම මීට මාස 04කට පමණ පෙර ආරම්භ කර තිබුණත්, හතරවැනි මාත්‍රාව මේ වන තෙක් ලබාගෙන තිබෙන්නේ,

පුද්ගලයන් 175,181ක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෝවිඩ් එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාගත් පිරිසට කෝවිඩ් හතරවැනි මාත්‍රාව ලබාගැනීමට හැකි බවත්, මේ දක්වා කෝවිඩි එන්නතේ තුන්වැනි මාත්‍රාව පුද්ගලයන් 8, 168,491ක් ලබාගෙන තිබෙන බවත් එම අංශ පෙන්වා දෙයි. මීට අමතරව කෝවිඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 17,114,378ක් ලබාගෙන තිබෙන අතර, දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 14,644,220ක් ලබාගෙන තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

තුන්වැනි මාත්‍රාව ලබාගත් පිරිසෙන් පුද්ගලයන් 7,993,310ක් හතරවැනි මාත්‍රාව මෙතෙක් ලබාගෙන නොමැති අතර, දෙවැනි මාත්‍රාව ලබාගත් 14,644,220ක ප්‍රමාණයෙන්  පුද්ගලයන් 6,475.720ක් තුන්වැනි මාත්‍රාව ලබාගෙන නොමැති බවත්, පළමු මාත්‍රාව ලබාගත් 17,114,378ක ප්‍රමාණයෙන් පුද්ගලයන් 2,470,158ක් දෙවැනි මාත්‍රාව ලබාගෙන නොමැති බවත් වාර්තා වේ. සතියේ දින පහේම උදේ 8.30 සිට සවස 4.30 දක්වා කාලය තුළදී පළමු මාත්‍රාව,



දෙවැනි මාත්‍රාව, තුන්වැනි මාත්‍රාව හා හතරවැනි මාත්‍රාව කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පවත්වාගෙන යන යුද හමුදා එන්නතකරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බවද යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.එසේම පෙරේදා (11දා දිනය සැලකීමේදී කෝවිඩ් රෝගීන් 32ක්, කෝවිඩ් මරණ 02ක්, පසුගිය 10වැනිදා කෝවිඩ් රෝගීන් 35ක්, කෝවිඩ් මරණ 01ක්, පසුගිය 09වැනිදා කෝවිඩ් රෝගීන් 44ක් කෝවිඩ් මරණ 05ක්, පසුගිය 08වැනිදා කෝඩ් රෝගීන් 46ක්, කෝඩ් මරණ 03ක්, පසුගිය 07 වැනිදා කෝවිඩ් රෝගීන් 33ක් කෝවිඩ් මරණ 04ක් වශයෙන් වාර්තා වී තිබේ.

(එච්.අයි .තුෂාර)