cricket-legends

ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (13 ) එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ප්‍රථම තරගයේදී ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් තරග වැදුණු අතර එහිදී ලකුණු 38ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.



එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 218ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56කදී ලකුණු 107ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලුම කඩුලු ලකුණු 180කට දැවී ගියේය.
Sri Lanka Legends: Sanath Jayasuriya, Tillakaratne Dilshan(c), Upul Tharanga(w), Chamara Kapugedera, Chamara Silva, Thisara Perera, Chaturanga de Silva, Kaushalya Weeraratne, Isuru Udana, Nuwan Kulasekara, Chaminda Vaas, Dhammika Prasad, Dilruwan Perera, Mahela Udawatte, Chinthaka Jayasinghe, Jeevan Mendis, Ishan Jayaratne, Dilshan Munaweera, Asela Gunaratne