
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රංග ශිල්පීනි දමිතා අබේරත්න බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.
ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඇය කාන්තා අංශයේ රැඳවු පසුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණි වැලිකඩ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරියක් නිර්දේශ කර ඇත්තේ දමිතා අබේරත්න රෝහල් ගත කරන ලෙසයි.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීනියන් දමිතා අබේරත්න වැලිකඩ කාන්තා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන අතරඊට බන්ධනාගාර මූලස්ථානයේ ඉහළ නිලධාරියෙකු ද මූලිකත්වය ගෙන සහය ලබාදී තිබේ.
ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී එහි දේපලවලට හානි කලේ යැයි සැකපිට පොලීසිය විසින් දමිතා අබේරත්නට එරෙහිව චෝදනා එල්ල කර තිබූ අතර ඇය ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මින් ඉහත බන්ධනාගාර ගතවූ සමාජයේ කැපී පෙනෙන චරිත රැසක් බන්ධනාගාරයේදී රෝගීන් බවට පත්වීම විශේෂිතය.ඒ අය අතර බැසිල් දුමින්ද ඥාණසාර තිස්ස අත්තනායක විමල් වීරවංශ තිලංග සුමනපාල ආදීන් ගැන සමාජය ප්‍රශ්න කර තිබුණි.කෙසේ වෙතත් සරත් ෆොන්සේකා හා රන්ජන් රාමනායක බන්ධනාගාර රෝහලට ගියේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval