engineer-corp-chairman

කොළඹ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ  මූලික වැටුප ක්‍රමවත්ව ලබානොදීමට විරෝධය පළකරමින් එහි සේවකයින් ඊයේ (13) විරෝධතාවක් සිදු කර තිබුණි. විරෝධතාවය අතරවාරයේ සේවකයින් ඊට වගකිව යුත්තේ සභාපතිවරයා බව දක්වමින් ඔහුට විසඳුමක් දෙනතුරු ආයතනයෙන් පිටවන්නට ඉඩ නොදෙන බව පවසා ඔහුගේ කාමරය වටළාගෙන විරෝධය සිදු කර තිබුණි.





සේවකයින් එහි සභාපතිවරයාව ඔහුගේ කාර්යාල කාමරයේ අඩස්සියේ තබාගනිමින් විරෝධතාවය දිගින් දිගටම සිදුවෙද්දී සභාපතිවරයා පොලිසියට දුරකථනයෙන් කථාකර තමන්ට ආයතනයෙන් පිටවීමට සහය ඉල්ලා ඇති අතර
 අනතුරුව පොලීසිය මැදිහත්වී සංස්ථාවේ සභාපතිවරයාව එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබුණි.
සභාපතිවරයා වංචනිකයෙකු බවත් ඔහුගේ පරිපාලනය නිසා තමන් අගතියට පත්ව ඇති බවත් විරෝධතා කරුවන් අදහස් පළ කළ අතර පොලිසිය මැදිහත්වී සභාපතිවරයා ආරක්ෂා සහිතව ඉවත්කරගෙන ගොස් ඔහුගේ වාහනයට නංවාගන්නා අවස්ථාවේ සේවකයින් හූ හඬ නගමින් විරෝධය දක්වා තිබුණි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්