පාන් පිටි අවශ්‍ය තරම් තොග වෙළෙඳපොළේ තිබෙන බවට වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කළද ඉදිරි සති තුන තුළ පාන් පිටි හිඟයක් නිර්මාණය වන බව ආනයනකරුවෝ පවසති.
ඉන්දියාව පාන් පිටි අපනයනය නතර කිරීම නිසා පාන්පිටි ගෙන්වීම නතර කිරීමට ආනයනකරුවන්ට සිදුව ඇත. පාන්පිටි හිඟය හේතුවෙන් බේකරි තුන්සියයක් පමණ මේ වන විට වැසී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවට පාන්පිටි ආනයනය කිරීමට සිදුව ඇත්තේ තුර්කියෙන් හා ඩුබායිවලිනි. ආනයනකරුවන් එම රටවලින් ඇණවුම් කර ඇති පාන්පිටි රැගත් නෞකා මෙරටට ළඟා වන්නේ මෙම මස තිස්වැනිදාය.
එහෙත් වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ අවශ්‍ය තරම් පාන් පිටි වෙළෙඳපොළේ ඇති බවයි. ඉන්දියාව මේ වන විට සහල් අපනයනය සීමා කිරීමටද තීරණය කර ඇත. අපනයනය කරන සෑම සහල් කිලෝග්‍රෑමයකටම 20%ක බද්දක් පැනවීමට එරට රජය තීරණය කර ඇත. එම නිසා ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමටද ගැටලුවක් බව මෙරට ආනයනකරුවෝ පවසති.
(උදයජීව ඒකනායක)
0 Comments