මේ දිනවල ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල තෙල් හිඟයක් පැනනැගී ඇති අතර ඇතැම් ඒවායේ එසේ නැත. මෙම ගැටලුවට හේතුව තෙල් හිගයක් නොව පිරවුම්හල් හිමියන් හා සංස්තාව අතර ගෙවීම් ක්‍රමය වෙනස් කිරීමේ ප්‍රශ්නයක් බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්ධන පිරවුම්හල් 700ක හිමිකරුවන්ගේ නියෝජනයක් ඇති ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති
කුමාර රාජපක්ෂ මහතා කියා සිටියේ චෙක්පත්වලින් මුදල් ගෙවීම අත්හිටවූ ඛනිජ තෙල් සංස්ථාව එක් පිරවුම්හලකට ඉන්ධන ලීටර් 6600ක බවුසරයක්
ලබාගැනීම සඳහා දිනපතා උදෑසන 9.30ට පෙර රුපියල් ලක්ෂ 34/- ක් මුදලින් ගෙවන ලෙස නියම කර ඇති බවය. ඩීසල් සහ පෙට්‍රල් දෙවර්ගයම
ඇණවුම් කරන්නේ නම් එවිට රුපියල් ලක්ෂ 68කට වැඩි මුදලක් දිනපතා ‘කෑෂ්‘ ගෙවිය යුතුය.
එය විශාල ගැටලුවක් බව ඔහු පැවසීය.
ඒ අතර රාජ්‍ය සේවය නැවතත් සක්‍රීය කිරීම හා පාසල්, විශ්වවිද්‍යාල ආදිය ආරම්භ කිරීම නිසා පැවති ඉන්ධන ඉල්ලුම සියයට සියයකින් පමණ ඉහළ ගිය
බවත් මෙම තත්ත්වය යටතේ පිරවුම්හලකට ලැබෙන ඉන්ධන පැය 6ක පමණ කාලයක් තුළ අවසන් වන බැවින් දවසේ වැඩි කාලයක් ඉන්ධන පිරචුම්හල වසා දමන්නට සිදුව ඇතැයි ද සඳහන් කළේය.
එම නිසා ජනතාවට ඉන්ධන සැපයුම විධිමත් ලෙස සිදුකිරීමට නම් නැවත චෙක්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම හෝ දිනපතා මුදල් ගෙවීමට ලබා
දී ඇති කාලය පෙරවරු 11.00 දක්වා දීර්ඝ කිරීම කළ යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය.
0 Comments